ඒ දැරිය වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නැද්ද ?

බරපතළ ලිංගික දූෂණයකට ලක් වුණු අනුරාධපුර දැරිය සම්බන්ධ නඩුවේ නීතිමය ක්‍රියාකාරිත්වය අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී අසමාන ලෙස සැලකීම ගැන හොඳම උදාහරණයක්.

සැකකාර පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගැනීමට පොලිසියේ පසුබෑම, අධිකරණ නියෝගය නොතකා‌ මේ දක්වා ඔහු නවලෝක රෝහලේ තැබීම.. විතරක් නෙවෙයි, සැකකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු 30කට අධික නීතිඥ මඬුල්ලක් පෙනී ඉද්දි දැරිය වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද? නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්. අඩුම තරමෙ ඇය වෙනුවෙන් එකම එක නීතිඥයෙක් ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් ජාතික ළමාරක්ෂක අධිකාරියට නෑ. ඔවුන් කරන්නෙ බලා ඉන්න එක විතරයි. අධිචෝදනා දෙන්න පෙර වුණත් – නීතිපතිට බලය තියනවා දැරිය වෙනුවෙන් නීතිඥයෙක් යොදවන්න.

හැබැයි බැලූ බැල්මට පේන්න තියන දේ මොකක්ද? සියලු බලයන් ඒකරාශි වුණ තැන තලා දමපු මලක් වගේ මේ දැරිය අසරණ වෙලා තියන එක.

මොකක්ද වාමාංශික කියාගත්ත මේ ආණ්ඩුවෙ ලැජ්ජ නැතිකම.. නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ රජයේ ආයතනයක්. මේ දැරියට නීතිඥයෙකු දෙන්න පෝල්රාජ්ටවත් බැරිද?

මේ නිහඬකමට හේතුව ආණ්ඩුවෙ බලසම්පන්න අයෙක් මේක පිටිපස්සෙ ඉඳීම කියලා පැතිර යන කතාවෙ ඇත්තක් තියනවද?

ලැජ්ජයි!

සැකකාර හිමිනමටත් වරද ඔප්පු වෙනතුරු නිර්දෝෂීභාවයේ අයිතිය තිබෙනවා. විවාදයක් නෑ. ඒත් එයිට මෙහා මේ ආයතන, සමාජය සහ සංස්කෘතිය අතරෙ වැඩ කරන බල දේශපාලනයක් තිබෙන බව නොදන්න බබ්බු නෙවිනෙ කවුරුත්.

අවුරුදු 15ක තලා පෙළා දාපු අහිංසක දැරියක් ඉස්සරහ අවි අමෝරාගෙන ඉන්න මුළු සමාජයක් එක්කද තමුන් ඉන්නෙ, නැත්නම් යුක්තිය වෙනුවෙන්ද කියලා පපුවට තට්ටු කරලා අපි අපෙන් ම අහගනිමු!

සජිත් ඇතුළු විපක්ෂය කෝ මේකට කට ඇරියද? හැට හුටාමාරක් ලෝයර්ස්ලගෙ සංවිධාන කෝ ? ළමා සංවිධාන කෝ? එකම එක නීතිඥයෙක්වත් නැද්ද මේ රටේ ඒ දැරිය වෙනුවෙන් පෙනී ඉන්න?

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...