පරිසර හිතකාමී නගරය වෙනුවෙන් මිනී මැරීමට සෞදි ආරක්ෂක අංශවලට අවසර

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදි අරාබියේ මහා පරිමාණ පරිසර හිතකාමී ‘THE LINE’ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය ඉඩම් රජයට පවරා ගැනීමේදී ඒ වෙනුඑන් විරුද්ධවන්නන් වෙනුවෙන් මාරාන්තික බලය භාවිත කිරීමට ආරක්ෂක අංශ වලට සෞදි බලධාරීන් අවසර දී ඇතැයි BBC වාර්තා කර තිබේ.

ඩොලර් බිලියන 500ක වටිනාකමක් ඇති පරිසර හිතකාමී කලාපයක් වන සෞදි අරාබියේ නියෝම් ව්‍යාපෘතිය, සිය රාජධානියේ ආර්ථිකය තෙල්වලින් බැහැරව විවිධාංගීකරණය කිරීම අරමුණු කරන Saudi Vision 2030 වැඩසටහනේ කොටසකි. එහි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන ‘ද ලයින්’, මෝටර් රථවලින් තොර නගරයක් ලෙස යෝජනා කර ඇති අතර එය පළලින් මීටර් 200ක් සහ දිගින් කිලෝමීටර් 170ක් වේ. මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් ද ඇතුළුව ගෝලීය සමාගම් රැසක් සම්බන්ධ වේ. සෞදි නායක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් නියෝම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් ම “හිස් කැන්වසයක්” ලෙස විස්තර කරනු ලැබ ඇත.

‘ද ලයින්’ (The Line) නගරය සඳහා මග සැලසීමට මෙම ගල්ෆ් රාජ්‍යයේ ගෝත්‍රයකට අයත් අල්-කුරයිබා, ෂර්මා සහ ගයාල් යන ගම්වලින් මේ වන විට 6,000ක පිරිසක් වෙනත් ස්ථාන වලට ඉවත් කර තිබේ. මෙහිදී ඉවත් කිරීමට විරෝධය පෑම නිසා ඒ අතරින් එක් අයෙකු වෙඩි තබා මරා දමා ඇති අතර සෞදි බලධාරීන් පවසන්නේ, ‘ද ලයින්’ ව්‍යාපෘතිය සඳහා තමන් පදිංචි ස්ථාන හැර යාමට සිදු වුණු පිරිස් වෙත වන්දි පිරිනමන බවයි. මේ සම්බන්ධයෙන් ALQST මානව හිමිකම් කණ්ඩායම සඳහන් කර තිබුණේ, මෙලෙස පදිංචිය මාරුකළ පුද්ගලයන් වෙනුවෙන් රජය ගෙවා ඇත්තේ පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩු මුදලක් වන බවයි.

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ALQST කණ්ඩායමට අනුව, ඉවත් කිරීමට විරුද්ධ වූ අවම වශයෙන් තවත් ගම්වැසියන් 47 දෙනෙකු රඳවා ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ත්‍රස්තවාදය සම්බන්ධ චෝදනා යටතේ නඩු පවරා තිබේ. ඔවුන්ගෙන් 40 දෙනෙකු තවමත් රැඳවුම් භාරයේ සිටින අතර ඉන් පස් දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...