හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනටත් නඩු පවරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩුවක් පවරා තිබේ.

ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළකිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමිනි.

ඒ අනුව, හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21ක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...