මල්වානේ නිවස වගේම රට පුරාම අයිතිකාරයෙක් නැති රජයට පවරාගත් දේපළ අපි අල්ලාගන්න ලෑස්තියි – ජවිපෙ අන්තරේ

බැසිල් රාජපක්ෂට අයත් යැයි කි‍යූ, රජයට පවරාගෙන තිබූ මල්වානේ නිවස සහ භූමිය අත්පත් කරගත් ආකාරයටම ඉදිරියේදී රට පුරාම ඇති එවන් අයිතිකරුවන් නොමැති, රජය පවරාගත්, දැනට පාවිච්චියට නොගන්නා දේපළ අත්පත් කරගැනීමට තමන් සූදානම් බව ජවිපෙට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා පවසයි.

ප්‍රශ්නය – මල්වානට කෑම අවශ්‍යයි කියලා ෆේස්බුක් එකේ දාලා තිබුණා. එහෙම දෙයක් තියෙනවාද ?

“නැහැ. මේ මොහොතේ අපට එහෙම කිසිම කෑම අවශ්‍යතාවයක් නෑ. මේ මොහොතේ ගමේ මිනිස්සුන්ගෙ සහ අසල්වැසි සහෝදර ජනතාව අපට උදව් කරමින් ඉන්නවා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විදියට එකතුවෙලා මේ මොහොතේ තමන්ගෙ අවශ්‍යතා ටික ඉටුකරගනිමින් ඉන්නවා. මොනවාහරි එහෙම උදව්වක් ඕනෙ නම් අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපේ නිල ෆේස්බුක් පිටුව හරහා දැනුවත් කිරීමක් කරන්නම්, මේ මොහොතේ එහෙම කිසිම දෙයක් නෑ. මේ සියලු දේවල් කරන්නෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්පූර්ණයෙන් මේ අරගලය දියාරු කරන්න”

ප්‍රශ්නය – දැන් ඉඩමක් අල්ලාගත්ත පමණින් ඕගොල්ලන්ගෙ නේවාසිකාගාර ප්‍රශ්නය සහ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න ටික විසඳෙනවාද ?

“නෑ, කොහෙත්ම නෑ. අපි කිව්වානෙ මේක පටන් ගද්දීම මේක සංකේතාත්මක අරගලයක් විතරයි. මෙතන අක්කර 16ක ඉඩමක් තියෙනවා. විශාල බඳවාගැනීම් ප්‍රමාණයක් කරනවා නම් සම්පූර්ණයෙන්ම පීඨ සංකීර්ණයක් හදන්න පුළුවන් සම්පූර්ණ නේවාසිකාගාර සංකීර්ණයක් එක්ක. සීමිත බඳවාගැනීම් නම් තියෙන්නෙ පීඨ සංකීර්ණ දෙක තුනක් හදන්න පුළුවන් සම්පූර්ණ නේවාසිකාගාර පද්ධතියත් එක්ක. එතකොට එක විශ්වවිද්‍යාලයකට මේක විසඳුමක් වෙන්න පුළුවන්. ඒ වගේම තව රට වටේ මෙහෙම පවරාගත්ත දේපළ තියෙනවා. ගම්පහ ඔරුතොට පාරේ බැසිල්ගේ යැයි කියාගත්ත දේපළක් තියෙනවා මේ වෙනකොට. අපි දැක්කා පහුගිය කාලෙ වික්‍රමාරච්චි විශ්විද්යාලයේ ශිෂ්‍යයෝ මෙතනට ඇවිල්ලා අරගල කරනවා. ඉතින් මේ වගේ ළඟපාත තියෙන දේපළ ඇයි රජයට පවරාගෙන විශ්වවිද්‍යාලවලට බෙදලා දෙන්නෙ නැත්තෙ ? ඒ වගේම තමයි කතරගම අපි දන්නවා අධිකරණ කටයුතුවලට ගියාට බස්සේ ජී. රාජපක්ෂ කියලා ලයිට් බිල විතරක් තියෙනවා. ඉතින් ඒ ගෙදරට මොකද කරන්නෙ ? අපි කියන්නෙ නෑ මේ සියලු දේපළ විශ්වවිද්‍යාලවලට බෙදලා දෙන්න කියලා. අපි කියන්නෙ රටේ ජනතාවට සෘජුව භුක්ති විඳින්න පුළුවන් විදියට – මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා කලින් පාලකයො හොරකම් කරලා උපයාගත්ත දේපළ රජයට පවරාගෙන විතරක් තිබිලා මදි. මොකද අපි කලින් දැක්කා මේ මල්වානෙ ඉඩම කලින් බැසිල් කෑවා, දැන් හරක් කනවා. වටේම ඉන්න ගව පට්ටි තමයි මේක ඇතුළෙ ලැගුම්ගෙන ඉන්නෙ. රජයට විතරක් පවරාගෙන මේක විනාශ වෙන්න දීලා හරියන්නෙ නෑ. මේකෙ භුක්තිය, මිල මුදල්වල වටිනාකම නිශ්චිතවම රටේ බදු ගෙවන ජනතාවට අත්විය යුතුයි”

“මේක බැසිල්ගෙ ඉඩමක් හින්දාවත් රාජපක්ෂලාගෙ ඉඩමක් හින්දාවත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ගෙ ඉඩමක් හින්දාවත් නෙවෙයි අපි මේකට පනින්නෙ. මේකට පනින්න හේතුව තමයි අපි දිගටම මේකෙ සටන් කළා, අපි බැලුවා ඉඩමක් කොහෙද තියෙන්නෙ කියලා. රජයට පවරාගත්ත දේපළක් තියෙනවා, අයිතිකාරයෙක් නැති, හම්බකරගත්ත විදියක් අධිකරණය ඇතුළෙ කියාගන්න බැරි. මේ ඉඩමට මොකුත් කරලා නෑ අවුරුදු ගාණකින්. මේක නිකම්ම ජනතා බදු මුදල්වලින් ගත්තු ඉඩමක් කියලාත් අපි දන්නවා, සමස්ත රටමත් දන්නවා. මොකද අපි දන්නවා මේ දේශපාලන පක්ෂ ටික එක පොදියට තියලා මිනිස්සු ගහලා පන්නලා තමයි යැව්වෙ. එතකොට මේ මිනිස්සු කරපු දේවල් අපි දැක්කා. එහෙම කරපු දේපළකට තමයි මේ ඇතුළු වෙලා තියෙන්නෙ. ඒ වගේ රට පුරාම අයිතිකාරයෙක් නැති, පාවිච්චි කරන්නෙ නැති රජයට පවරාගත්ත දේපළ තියෙනවා නම් නිශ්චිතවම අපි ඉදිරියේදී ආණ්ඩුවට බලකරන්න ලෑස්තියි මේවාත් එක්කෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට පවරාගන්න, එහෙම නැත්නම් ජනතාවට සෘජුව ප්‍රතිලාභ ලැබෙන විදියට ඒ අදාළ කරන දේපළ පවරාගන්න. එහෙම නැත්නම් ඉතින් අපි ලෑස්තියි ඒ සියලු ඉඩම් භූමිත් මේ විදියට අරගල කරලා රටේ ජනතාවට ලබාදෙන්න මැදිහත් වෙන්න”

සසිඳු පෙරේරා මේ බව පැවසුවේ මල්වානේ නිවස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර පෙසපට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් මාධ්‍ය වෙත පැවසුවේ මල්වානේ නිවස අල්ලාගෙන සිටින්නේ තමන්ගේ ශිෂ්‍ය සංගමය නොවන බවත් ඒ නිවස අල්ලාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක් බැවින් එය හුදෙක් සංදර්ශනාත්මක ක්‍රියාවක් පමණක් බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...