මල්වානේ නිවස ඇල්ලූ ජවිපෙ අන්තරේට එරෙහිව දොම්පේ පොලීසියට පැමිණිල්ලක්

බැසිල් රාජපක්ෂට අයත් යැයි කියැවුණු, රජයට පවරාගෙන තිබූ මල්වානේ පිහිටි නිවස සහ ඉඩම අත්පත් කරගෙන සිටින ජවිපෙට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

“මේ නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බළල් අත. පැලවත්තේ ජවිපෙ කාර්යාලය විසින් මේ න්‍යාය පත්‍රය හදලා, බොරු නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියලා බොරු එකක් අටවාගෙන මේ රාජ්‍ය දේපළ අත්පත් කරගෙන තියෙනවා. අපට සැකයක් තියෙනවා මේ දේපළත් පැලවත්තට යයිද කියලා, පැලවත්තෙ ගිණුමට බැරවෙයිද කියලා. අපිත් විශ්වවිද්‍යාලවල මේ සටන කරා. අපි මේ නව අන්තරේ ශිෂ්‍ය වීරයින්ට කියන්න කැමතියි ශිෂ්‍ය සටන් ගැන දන්නෙ නැත්නම් බංකුවක් අරගෙන එන්න, අපි ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කියලා දෙන්නම්. මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මේ අද කරන දෙකයි පනහේ ශි‍ෂ්‍ය ව්‍යාපාරයක් නෙවෙයි. ඉතාම ඉක්මනින් පොලීසිය අධිකරණය කරුණු වාර්තා කරලා අධිකරණ නියෝගයක් අරගෙන ඉතාම ඉක්මනින් මේ ශිෂ්‍ය පිරිස අයින් කරන්න. අයින් කරේ නැත්නම් මේක මේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ට කියනවා, තමන්ගෙ දේපළ ජනතා විමුක්ති පෙරමුණෙන් බේරගන්න වෙන තත්වෙට පත්වෙන්න පුළුවන්”

නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ අදාළ පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...