එක්සත් අරාබි එමීර් රාජ්යයේ පිහිටි ආයතනයකට මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්රමිකතාව සහ ශ්රීලංකන් ගුවන් සේවයේ චෙන්නායි කාර්යාලයේ සිදුව ඇති වංචාව ගැන පළවන පුවත් සම්බන්ධයෙන් ශ්රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඩුබායි සිදුවීම
ඩුබායි හි පිහිටි ශ්රීලංකන් සමාගමට සේවා සපයන ආයතනයක නිල ඊමේල් (Email) ගිණුම තෙවන පාර්ශවයක් විසින් වංචනික ලෙස වෙනස් කර ඇති බවත් ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000ක මුදලක් එම වැරදි ගිණුමකට ගෙවා ඇති බවත් ශ්රීලංකන් සමාගම සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්යයේ බලධාරීන්ට සහ ශ්රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) පැමිණිලි කර තිබේ.
මෙම ගෙවීම සිදුකර ඇත්තේ නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත බවත් සේවා සපයන්නාගේ විද්යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් පවසන ශ්රීලංකන් ගුවන් සේවය ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු වගකීමක් නොගන්නා බවත් අවධාරණය කර ඇත.
චෙන්නායි කාර්යාලයේ සිදුවීම
ශ්රීලංකන් ගුවන් සේවයේ චෙන්නායි කාර්යාලයේ සේවය කළ ඉන්දීය සේවකයින් පිරිසක් විසින් ව්යාපාරික ඉන්වොයිස් අත්සන් සහ ගෙවීම් තොරතුරු ව්යාජ ලෙස වෙනස් කර කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් වංචා කර ඇතැයි අනාවරණය කරගත් බවත් ශ්රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ අභ්යන්තර පරීක්ෂණයකදීද සැකකටයුතු ගනුදෙනු කිහිපයක්ම හඳුනාගැනීමට හැකිවූ බවත්, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට පැමිණීම පැහැර හැර ඇති බවත් පවසන ශ්රීලංකන් ගුවන් සමාගම ඒ අනුව මේ පිළිබඳව වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට දැනුම් දුන් බවත්, සිදුවූ මූල්ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්රියාත්මක වෙමින් පවතින බවත් පවසයි.
මෙම සිදුවීම් දෙකටම අදාළව පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවයි ශ්රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්රීලංකන් ගුවන් සමාගම මේ බව ප්රකාශ කර ඇත්තේ ඊයේ (16) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.


