එවරස්ට් මුදුනේ අභිමානය: නේපාලයේ නව වාර්තාගත ජයග්‍රහණය

රෂිකා හෙන්නායක මැයි 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නේපාල ජාතික පලපුරුදු කඳු නගින්නන් දෙපළක් වන කාමි රීටා ෂර්පා සහ ලක්පා ෂර්පා ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කරමින් තැබූ නව ලෝක වාර්තා පිළිබඳව වාර්තා වේ.

එහිදී කාමි රීටා තම 32 වන තරණයත්, ලක්පා තම 11 වන තරණයත් සාර්ථකව නිම කරමින් පිළිවෙළින් පිරිමි සහ කාන්තා අංශවලින් වැඩිම වාර ගණනක් කඳු මුදුනට පිවිසි පුද්ගලයන් බවට පත්ව ඇත.

කඳු නැගීමේ ක්ෂේත්‍රය වර්තමානය වන විට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර, මේ වසරේදී වාර්තාගත සංචාරකයින් පිරිසකට ඒ සඳහා අවසර පත්‍ර නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, කඳු නගින්නන් විශාල වශයෙන් එක්රැස් වීම හේතුවෙන් එවරස්ට් කඳු මුදුනේ ඇති විය හැකි අධික තදබදය පිළිබඳව බලධාරීන් සිය අවධානය යොමු කර ඇත.

මෙම වාර්තාගත ජයග්‍රහණ නේපාලයේ කඳු නැගීමේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර එය සෙසු කඳු නගින්නන් දිරිමත් කිරීමට හේතු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...