*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

තාජුඩීන්! රගර් තහනම් වෙලා

තාජුඩීන් ගිහිං අවුරුදු 11 ක්.කොහොමද ගියෙ කියන එක තවම නොවිසඳුණ ප්‍රශ්නයක්.ලංකාවෙ රගර් ගැන කතා කරද්දි කියැවෙන සුපිරි දක්ෂයෙක්.සමහර විට ඊ ළඟ නායකයා වෙන්න බොහෝ ඉඩකඩ තිබුණ ක්‍රීඩකයෙක්.
හැබැයි ඒ විශිෂ්ඨයා පාරෙ ගිණිබත් වුණේ කොහොමද කියන එක ගැන පරීක්ෂණ අවසන් නොවුණට,ඔහු මරණයෙන් පස්සෙ කී දෙනෙක්ට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පාර හැදුවද?දේශපාලන වේදිකාවල පතුරු ගැහුණ, මිනිස්සුන්ට කඳුළු ආව තාජුඩීන් ගැන කතා ක්‍රීඩාවට තාජුඩීන්ට ආදරය කරන බොහෝ දෙනෙක්ගේ ඇස්වල අදටත් දිළිසෙන කඳුළු.ඒ අවස්ථාවාදි දේශපාලනය මවා පෙන්නූ කිඹුල් කඳුළු නෙමෙයි.

ලංකාවෙ රගර් සඳහා දේශපාලන පවුලක ඇල්ම බැල්ම වැටීම බොහෝ දුරට එහි ගමන් මඟ වෙනස් කරන්න බලපෑවා.ඒ දේශපාලන බලහත්කාරකම නිසාම නෙමෙයි.එහ පරිපාලකයන්ට දේශපාලනයෙන් සපුරාගන්න ඉලක්ක තිබුණ නිසා.ඒ නිසා මුලදි සිද්ධ වුණේ බලහත්කාරකම් කැමත්තෙන් කරවා ගැනීමක්.හරියට පරපීඩක ආස්වාදය වගෙ තමන් කැමති දේ නොකර බේබි කැමති දේ,ස්ර් කැමති දේ කියා සිතා තමන්වම පීඩනයට ලක් කර ගනිමින් වැඩ කරමින් ඔවුන්ව තෘප්තිමත් කරන්න ඉදිරිපත් වූ නිලධාරී මවපු සර්වබලධාරී හැඟිමෙන් ඊට පස්සෙ දේශපාලන පවුලටත් ගැලවෙන් බැරි වුණා.ඒක ඇබ්බැහියක් වුණා.ඒ ඇබ්බැහිවිමෙ කොන් හපාගෙන දියුණු වෙන්න පුරුදු වුණ පිරිසටත් ක්‍රීඩාවට වැඩිය ඒ ව්‍යාපාරික වැඩ සටහන් වෙනම සංතෝශයක් ගෙනාවා.

එහෙම හැසිරුණ අයට තාජුඩීන් ගෙ මරණය අඩුම තරමෙ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙ මරණයක් කියලවත් දැණුනෙ නැහැ.එය ඝාතනයක් හැටියට සැක මතු වෙද්දි,සැකය සනා කරන්න තරම් සාක්කි හමු වෙද්දී,අමානුෂික පහරදීමකට ලක් වී ඇති බවට වාර්තා පළවෙද්දි රගර් පවුලේ බලය ඉදිරියේ හුරතල් වූ රගර් පාලනය, මේ ක්‍රීඩකයාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා බලපෑමක් කරන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

ඒ වන විට පාලකයන්ට හිතෙන්න අරගෙන තිබුණෙ ඔවුන් විසින්ම මුලින් ඇති කරගත් මානසික ව්‍යාධියේ කොටසක් ලෙස සියල්ල සිඳු විය යුත්තේ එම පවුලට අදාළ අවශ්‍යයතා මත ලෙසයි.නමුත් ක්‍රීඩාව ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක්ට පැවරෙන කොට මේ පාලනයෙ වෙනසක් වෙනවා.මොකද රගර් සමාජය ඔවුන්ව ප්‍රතික්ෂේප කරන තැනට යහපත් පරිවර්ථනයකට බඳුන් වෙලා තියෙනවා.ඒ නිසා සංස්කෘතිමය වශයෙන් පිටරට මිනිස්සු දාලා රගර් ගස්සලා ලංකාව දඩ කාපු අතිතයට වගකිව යුතු මිනිස්සුන්ගෙ බලය ක්‍රමයෙන් ක්ෂය වෙමින් තිබුණා.ඒ වගෙම ප්‍රතිරූප පුම්බන්න දීපු වටිනාකම නිසා රගර් ණය වීම ප්‍රතික්ෂේප කරන්න රගර් සමාජය තීරණය කරලා තිබ්බා.අනුග්‍රාහක ආධිපත්‍යය බෙදෙන්න ඕනි සහ එය රගර්වලට තව දුරටත් උපයන්න පුළුවන් අවස්ථාවක් කියන කාරණය තේරුම් ගනිමින් හිටියා.

මේ තේරුම් ගැනිම් සහ අවබෝධය එක්ක රගර් පාලනය ගන්නා අලුත් ප්‍රතිපත්තිමය තීරණ සමඟ විරෝධයකට වඩා ඔවුන්ට දැනෙන්නෙ රගර් ස්වාධින වීමෙන් අත පෙවීමෙ අවස්ථාව අහිමි වි යාම ගැන ගැටළුවක්.ඒ නිසා පරණ හැඩේට රගර් ගන්න දක්වන උනන්දුවට ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවත් පාවඩ එලනවා.ඒ නිසා ක්‍රීඩා පණතෙ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය මත ගනු ලබන තීරණ සඳහා දේශපාලන බලධාරියාව පොළඹවනු ලබන්නේ ඊට පෙර ඒ වෙනුවෙන් සකස් විය යුතු පරිසරය ගැන තඹයකට නොසළකා හරිමින්.මේ ක්‍රියාදාමය නීතියෙන් වාරණය වුවත්,නීතියටත් ගරු නොකරමින් යළි යළිත් වෙනස් මුහුණුවරකින් කරළියට එනවා.

මේ දේශපාලන අතපෙවීමේ ක්‍රියාදාමය තුළ “අපිට ඉතිං හරි ස්ර්ලගෙ හැටියක් තමයි” කිව්වට ලෝකෙට එහෙම නැහැ.රගර් ක්‍රියාත්මක වෙන ලෝකය අස්සෙ අපේ හුණ්ඩුවට ඕනි විදිහට හැසිරෙන්න අවසර නැහැ.අඩුම ගණනෙ අපේ රටේ නීතිය ඇතුළෙත් එහෙම ඉඩක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා.එහෙම අවකාශයක තාජුඩීන් උඹව මිය ගිය දවසෙම ශ්‍රී ලංකා රගර් තහනම් වෙනවා.හරියට උඹ කරපු දෙයක් වගෙයි.රගර් කේෂ්ත්‍රයෙ හිටිය වඩාත්ම ජනප1ිය චරිතය බවට සම්මානයට පවා පාත්‍ර වුණ උඹ දක්ෂයෙක්.ඒ සියල්ල සමඟ අයාලයේ වළලලා දැම්ම උඹේ ජීවිතයට වගකිව යුතු පිරිස් බලය ගැනීම සඳහා කරන ලද උපක්‍රමය මේ වන විට ලෝකය ඉදිරියේ කුජීත වෙලා.ඔවුන් රගර් කේෂ්ත්‍රයේ බලහත්කාරයෙන්,දේශපාලන ශක්තියෙන් අරගන්න හදපු බලය ඉදිරියේ මියගිය චරිත හැටියට ප්‍රතික්ෂේප වෙනවා. ඕජස් ගලන මෘත දේහයක් බවට පත් වෙලා.නමුත් ඔබ ඒ බලහත්කාරය ඉදිරියේ ඕනෑම අවලාදයක් අපවාදයක් ඉවසිය යුතු නැති බව තීරණය කිරීමෙන් ජීවිතය අහිමි කර ගත් බව සිතන මිනිස්සු යළි යළිත් ඔබව ජීවත් කරවනවා.මේ සටහනටත් ඔබේ ජීවිතයෙන් හැමූ ඒ නිවහල් බවට සාක්ෂියක්.

තාජුඩීන් නීතියත් කාටවත් කවදාවත් මරන්න බැහැ.අප ඔබට සාධාරණයක් වන තුරු බලා ඉන්නවා.ලෝකය විශාලයි.ඒ විශාල ලෝකය ඉදිරියේ අපි හැමෝටම පොදු වූ නිතියක් තිබෙනවා.නීතිගරුක නොවන,ලැජ්ජා සහගත,අවමන් සහගත හැසිරීම්වලට දඬුවම් ලැබෙනවා.හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු ඉන්නවා.මිලට ගන්න බැරි මිනිස්සු ඉන්වා.දැන් රගර් තහනම්.ඒ වගෙම උඹටත් දවසක සාධාරණය හිමි වෙයි.
ජීවත්වෙන අපරාධකාරයෙක්ට තමන්ගෙ දරුවට දෙන්න බැරි ගෞරවයක් උඹේ දරුවට අයිති වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan