මුල්ලිවයික්කාලේ කන්ජි ….

Date:

ලුණුත් අහිමි සහලුත් නැති දකුණු හද
ගහපු ගැහිලි සමරනකොට සතුට මැද
සිංහ කෙසර වල් බිහිවුණු සිහින බිඳ
මුල්ලිවයික්කාලේ කැළතේ ය කැඳ

කලපු වතුර උණු කළ හැටි කවුරු දනී
ඊට ඇවැසි ගින්දර දර අඩු නොවුනී
බීපු කන්ජි හන්දම පණ පොද රැකුණී
එහෙම මතක අතෑරලන්න ද ඉතිනී

ගලපු රුහිරු අමතක වන්නෙද කෝමා
හළපු කඳුළු අමතක වන්නෙද කෝමා
හෙළපු සුසුම් අමතක වන්නේද කෝමා
විඳපු කන්ජි අමතකද වන්නෙද කෝමා

ලිපේ පැහෙන කැඳ භාජන රස වේවා
ඉරේ එළිය මෙන් මතකය ඇවිලේවා
පව්කාරයින් රැස් මාලා දුරුවේවා
ගව්වෙන් ගව්ව කැඳ භාජන සිහිවේවා

මාලිමාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ගිය සොක්කන්‍ ය සිහසුනේ
බාවනාවේ රැඳී නිදි සුව බිඳින තැනේ
මාලිගාවෙ කැඳ සිහිවෙද සුවාමිනේ

~ මංජුල වෙඩිවර්ධන
2025 මැයි 18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...