සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් ප්‍රධානීන්ට අනුව සැකකරුවන්ගේ අනන්‍යතාවයන් අපැහැදිලිවන අතර ඔවුන් වයස අවුරුදු 17 සහ 19 අතර පසුවන පිරිමින් දෙදෙනෙකු බව කියැවේ.
ප්‍රහාරයට පැය දෙකකට පමණ පෙර, එක් සැකකරුවෙකුගේ මව පොලිසියට තම පුතා තම තුවක්කු කිහිපයක් සහ ඇගේ මෝටර් රථය රැගෙන නිවසින් පිටව ගොස් ඇති බවට කරන ලද දැනුම්දීමකට අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව මෙම පුද්ගල මළසිරුරු හඳුනාගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතියි.

