මහබැංකු අධිපති නන්දලාල්ගේ විදෙස් ගමන් තහනම් කර පාස්පෝට් එක අධිකරණ භාරයට ගත යුතුයි – විමල්

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ විදෙස් ගමන් තහනම් කර, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගතයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් යැයි ප්‍රකාශයට පත්කිරීමේ සිට රටේ ආර්ථිකයකට අහිතකර ක්‍රියාවන් ගණනාවක් සිදුකළ, විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ආර්ථික අර්බුදයක් හමුවේ රටින් පළාගොස් ඕස්ට්‍රේලියාවට යාමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර මෙසේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කළයුතු බවයි වීරවංශ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ “වීර වන්දනාමාන” මැයෙන් ඊයේ (18) කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් සමරු ශාලාවේ දී පැවැත්වුණු රණවිරු සමරු වැඩසටහන අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...