*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

The Man From Earth හි john ගේ පාරෙහි යමින් සිටින අපේ කාලයේ ජෙරම්!

ඉතාම අඩු පිරිවැයක් යොදාගනිමින් මිනිසාට උපදේශයක් ලබා දෙන ඒ නිර්මාණය නමින් The Man From Earth වේ. රිචඩ් ෂෙන්ක්මන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ මූලික වූ චිත්‍රපටයකි. එහි තිර රචනය සිදු කළේ ජෙරොම් බික්ස්බි විසින් වන අතර එය 1998 අප්‍රේල් මාසයේදී ඔහුගේ මරණ මංචකයේදී නිම කරන ලදී.
2007 දී තිරයට ආ මෙම නිර්මාණය අද කාලේ තරුණ තරුණියන්ටනම් බෝරින් කතාවකි. ඒත් එහි යටිගියාව අපි නොහිතනා පැත්තකට අපිව රැගෙන යන්නේ ද හරි අහම්බයෙනි. හදිසියේම පරණ මතකාවර්ජනයක් සමඟ සෙල්ලමක් කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ!

වසර 14,000කට වැඩි කාලයක් රහසිගතව තම දිවි ගලවා ගත් දෙවියන්ගේ දිවැසිවරයා යැයි කියා ගන්නා විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වන John Oldman වටා ගෙතෙන මෙම කතාව පුරා ඕල්ඩ්මන්ගේ සමුගැනීමේ සාදය අතරතුර තම සඟයන් සමඟ කෙරෙන කතාබහ සහ ඒ තුළින් හටගන්නා බුද්ධිමය තර්ක හරහා මතුවන ප්‍රශ්නකාරී ස්වභාවයන් පෙන්නුම් කරයි.

මේ වෙලාවේ සාදයක් අපිට වැඩක් නැත. නමුත් කතාව පුරා මිත්‍යාවන් මෙන්ම තර්කයන් මඟින් ඕනෑම අයෙකුගේ ඔලුව වෙනස් කිරීමේ හැකියාවක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

ඇත්තටම මේ කියන දේවල් ඇත්ත ද? නැතිනම් මනෝ විකාර ද? නැතිනම් කාගේ හරි ඔලුවක් වෙනස් කිරීමට ඇති හැකියාවක් ද? එසේත් නැතිනම් මිත්‍යාදෘෂ්ටිකයක් ද? විවිධ අයට විවිධ පැන ඇත. නමුත් තාර්කිකව බලන මිනිසාට නොපෙනෙන දේ මිත්‍යාව විශ්වාස කරන්නාට පෙනෙන්න පුලුවන් වගේම මිත්‍යාව විශ්වාස කරන්නාට නොපෙනෙන දේ තාර්කිකව බලන මනුස්සයාට පෙනෙන්නත් පුලුවන්!

මේ දිනවල කාගේත් කතා බහට ලක් වූ ජෙරම් ගැන කතා කිරීමට හොඳම මූලාරම්භයක් මෙසේ සටහන් කරමින් අපි කතාවට බහිමු!

කවුද මේ පාස්තර් ජෙරම්? ජෙරම්ට අනුවනම් එයා දෙවියන් වහන්සේගේ දිවැසිවරයා! ඒ කියන්නේ දෙවියන්ගේ දිවැස් බලය එයාට තමයි දීලා තියෙන්නේ වගේ අදහසක්! ඒක විශ්වාස කරන අය බහුතරයක් ඉන්නවා…ඒ තරමට ඔහු දන්නවා මේ කියමන මනුස්සයෙක්ගේ ඔලුවට කා වද්දන්නේ කොහොමද කියලා..

John Oldman කියනවා ඔහු බුදුන්ව හොඳට දන්නවා ඔහු හොඳ මිත්‍රයෙක් ඔහුගේ වටිනා අදහස් බටහිර ලෝකයට කියන්න ඔහු නොපැකිලුණු බවත් ඒ ඒ සිද්ධීන් නිසා මිනිස්සු එයාට දෙවියන් කියලා හඳුන්වන්න පටන් ගත් බවත්, ඔහු ඔහුවම දෙවියන් මෙන් සිතීමට මිනිසුන් පොළඹවන්න තම මිත්‍යාවන් තර්කමය හැකියාවන් යොදා ගන්නවා.. ජෙරම් කියන්නෙත් ඒ වාගේම මිනිසුන්ගේ මනස ඔහුට වන්දනාමාන කරන තැනකට නම්මා ගැනීමට උපන් හපනෙක් කීවොත් මා නිවැරදිය.

ජෙරම් හරියට The Man From Earth බලල කරපු අත්හදා බැලීමක් ද මේ?! නෑ නෑ ඔහු ඔහුටම ආවේණික අනන්‍යතාවයක් ගොඩ නඟා ගත්තා.. ඕනෑම අයෙකුට දක්ෂතාවයක් තියෙනවා. කෙනෙක්ට නර්තනය පුලුවන්නම්, තවකෙක්ට ගායනය පුලුවන් වගේ මොහුහේ දක්ෂතාවය තර්කයෙන් උපන් මිත්‍යාදෘෂ්ටි වචනයෙන් ගහන ගේම් එකක් හැමෝටම ප්ලේ කරන එක..

සෑම ආගමකම ඒ ඒ ආගමට ආවේණික වූ සිදුවීම්, පිළිවෙත් මෙන්ම ඇදහිලි විශ්වාස පවතිනවා.. බෞද්ධ වේවා කිතුණු වේවා දමිළ වේවා මුස්ලිම් වේවා අපි හැමෝම ලේ මස් ඇට නහර වලින් හැදුනු මිනිස්සු.. ඒත් ආගම් ඔලුවට දාගත්තු මිනිස්සු බලන්නේ ආගමෙන් හරි ජීවිතේ ගොඩදාගන්න කඩයක් හදා ගන්න.. ආගම නෙවෙයි මිනිස්සු සංහතියටම මොනා උනත් උන් බලන්නේ මොළ වෙනස් කරලා අමුතු විශ්වාස ගොඩනඟලා මිනිසුන් ඒ ඒ ලෝක වල අතරමන් කරන්න.

අපේ ආගම තමයි බෙස්ට්! ඔයාලගේ ආගම ඊව්! කියන තැනට මිනිස්සු මුලා කරනවා පස්සේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා උන් හරි අමුතු ආතල් එකක් ගන්නවා.. ඒක ජෙරම්ට විතරක් පොදු දෙයක් නෙවෙයි. අපි ආගම් වල යම් යම් දේවල් දැනගත්තත් ඒවා පිළිගන්න මෙන්ම නොපිළිගන්න අය සිටින මේ ලෝකයේ මේක පිළිගත යුතුමයි කියන තැන කිසිවෙක් ඉන්න ඕනි නෑ.. තමාට ඒ ගැන තීරණයක් ගන්න නිදහස තියෙනවා.. කාගෙවත් වහලෙක් වගේ අන්ධවෙලා ඉන්නවාට වඩා තමන් තමන් එක්කම තර්ක කරොත් මේ වගේ අන්ධ විශ්වාසයන්ගෙන් ඇතිවන බලපෑම් නැති වෙලාම යයි.

ලංකාව වගේ රටක මේ ජෙරම් කීව කතාව මේ තරම් ඇවිස්සිලා තියෙන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියාගත්ත ඈයෝ නිසා නේ ද? නැතිනම් මේකත් අර කලින් උනු ජාති-ආගම්වාද අවුස්සලා මොකුත් නොවුන ගානට ඉන්න අයට රිදෙන්න කීව කතාවක් නිසා ද? කොහොම හරි මේවා ඔක්කෝම කැරකිලා ආපහු එන්නේ “මේ රට බේරගන්න කාලයයි” කියන සමයට පෙර ලකුණු ය.

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan