ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාව සිය දැවැන්ත මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(20)දිනයේ ආරම්භ කරයි.

මුම්බායිහි ආරම්භ වන මැතිවරණය විපක්ෂයේ ගාන්ධි පවුලේ බලකොටු හතේ ජන්ද විමසීම සිදු කෙරෙන අතර ආසන 49 සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට ඡන්දදායකයින් මිලියන 89.5 ක් සූදානම් වේ.

සඳුදා දිනයේදී ඉහළ පෙළේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු තරඟ අවදින අතර විපක්ෂ නායක රාහුල ගාන්ධි, ලක්නව්හි ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හා මුම්බායි වලින් වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයල් ඒ අතර ප්‍රධාන වේ. දේශපාලනමය වශයෙන් තීරණාත්මක උත්තර් ප්‍රදේශ්හි පසුගිය වසර 10 තුළ භාරතීය ජනතා පක්ෂය (BJP) ආධිපත්‍යය දැරූ රායිබරේලි අමතමින් කොන්ග්‍රස් පක්ෂ ප්‍රධානී සහ රායිබරේලි හි හිටපු නීති සම්පාදක සෝනියා ගාන්ධි ඉල්ලා තිබුණේ, තම පුතාට හෙවත් රාහුල ගාන්ධිට ඡන්දය ලබා දෙන ලෙසයි.

අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ මුම්බායිහි මැතිවරණ රැලියකදී ප්‍රකාශ කර තිබුණේ, මුම්බායි සඳහා අපගේ දැක්මේ හරය වන්නේ, වඩා හොඳ යටිතල පහසුකම් සහ ජිවත් වීමට පහසු වාතාවරණයක් ඇතිකිරීම වන බවයි.

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි 1 වැනි දා අවසන් අවසන් කිරීමට නියමිත වේ. ඉන් අනතුරුව ජූනි 4 වැනිදා ඡන්ද ගණන් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...