රතු දත්ත පොතට යන ශාක වර්ග 625ක පැළ කෝටියක් රෝපණය කිරීම ඩීපී එඩියුකේෂන් අරඹයි !

Date:

ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 863 අතරින් වඳවීමේ තර්ජනයට ලක්වූ ආවේණික ශාක විශේෂ 625ක් නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් ආරම්භ කර තිබේ.

අදාළ ශාක විශේෂ 625න් පැළ මිලියන 10ක් රෝපණය කරමින් එම ශාක විශේෂ රතු දත්ත වාර්තාවෙන් ඉවත් කිරීම මෙහි අරමුණ වී ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය පසුගියදා ගාල්ල මෙත් බෝ සෙවණ නාලන්දා රක්ෂිතයේදී, ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

දුර්ලභ කළුමැදිරිය පැළයක් රෝපණය කරමින් ධම්මික පෙරේරා මහතා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර “මිනිස්සුන් තාක්ෂණිකව දියුණු විය යුතුය. ඒ හා සමානවම ස්වභාවදහම ද පෝෂණය කළ යුතුය, රැකගත යුතුය. ඔය අංශ දෙකම සමබරව පෝෂණය වූ කල ලස්සන ලොවක් දැකිය හැකි වනු ඇත” යනුවෙන් ඒ මහතා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...