*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

කික් එක හැක් ?

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්,සම්මේලන ඒවායේ ජාත්‍යන්තර මව් සංගම්වල හැඩයට සිය ව්‍යවස්ථාව සකස් කර ගනිමින් නිල කාල දීර්ඝ කර ගැනීමට පියවර ගත්තත්,මේ දක්වා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සිය ව්‍යවස්ථාව ඒ හැඩය අනුව සකස් කරගෙන නැත.නමුත් වසරක කාලයකට සීමා වෙන පාපන්දු පරිපාලනයේ බලය එහි ව්‍යවස්ථාමය ස්වරූපයට බැහැරව ඊට වඩා කාලයක් පවත්වාගෙන ගොස් ඇතත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සොයා බැලීමකදි එවැනි අවසරයක් පාපන්දු පරිපාලනයට නැති බව හෙළිදරව් වි ඇත.

මේ බව දැණුම් දුන්නද පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට අතිශයින් හිතවත්ව සිටිමින් ඔහුගේ පියාට ගෞරවය අත් වෙන ආකාරයට අගමැති කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සංවිධානය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් ව්‍යවස්ථාව වෙනස් නොකර පෙර තිබූ තත්ත්වයෙන් ඉදිරියට ඇඳෙන්නට උත්සාහ කළ බවට ද චෝදනා මතු වී තිබේ.නමුත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පාපන්දු ව්‍යවස්ථාවම පදනම් කරගෙන පාලන කාලය දීර්ඝ කර ගන්නටනම් ව්‍යවස්ථාව සම්මත කර ඉදිරිපත් කළ යුතු බවට සහ එසේ නොවන්නේනම් මේ මස 31 ට (2022 මැයි 31) පෙර නිලවරණය පැවත්විය යුතු බවටත් දන්වා හැරියේය.

කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට රට තුළ ඇති වූ ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය නිසා අමාත්‍ය ධූරය අතහැර යන්නට සිඳු විය.ඒ සමඟම මැයි 17 වන දා නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා මෙන්ම තව දුරටත් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධික්ෂණයෙන් ගැලවී සිටීමේ පරිමාව පුළුල් කරන යෝජනා ද සහිතව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට පාපන්දු පරිපාලනය විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා තිබිණ.එහෙත් ඒ වන විට පාපන්දු පරිපාලනය විසින් නිල පරීක්ෂණයකින් තොරව අත්හිටුවා තිබෙන බව පවසමින් ගම්පොළ පාපන්දු ලීගය සහ රාජ්‍ය සේවා පාපන්දු සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැමිණි.

ගම්පොළ සහ රාජ්‍ය සේවා සංගම්වල විරෝධය අධිකරණයෙන් පිළිගෙන එය වභාග කිරීමට තීරණය කරමින් 17 වන දින පැවත්විමට තිබූ විශේෂ මහා සභාව අවලංගු කිරිමට නියෝග කළේය.ඒ සමඟම ව්‍යවස්ථාව වෙනස් කරන සභාවට පෙර ඒ සම්බන්ධයෙන් හැදෑරීමට නිසි කාලයක් නොඳුන් බවට ද එතෙක් නිහඬව සිටි පාර්ශවද හඬ අවදි කළේය.
දැන් පාපන්දු පරිපාලනයට අධිකරණ අවසරයකින් තොරව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ මහා සභාව පැවත්වීමට නොහැකිය.එසේම පවතින ව්‍යවස්ථාවට අනුව මැයි 31 ට පෙර නිලවරණය පැවත්වීමට කටයුතු කළ යුතුය.අධිකරණ නියෝගයෙන් අවහිර කරන ලද්දේ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා කැඳවා තිබූ මහා සභාව පමණක්නම් නිලවරණය සඳහා මහා සභාව කැඳවීමට පාපන්දු පරිපාලනයට බාධාවක් නැත.නමුත් අධිකරණය විසින් එය පැහැදිළි කරන තුරු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද මහා සභාවක් කැඳවා නිලවරණය පැවත්වීමට නොහැකිය.නමුත් කිසිවෙකු හෝ අධිකරණයට ගොස් නිලවරණය පවතින ව්‍යවස්ථාව තුළම පැවත්වීමට මැයි 17 වන දින දුන් තීන්දුව බලනොපාන බවට අධිකරණයෙන් තීන්දුවක් ගතහොත් නිලවරණයෙන් පත්වෙන කණ්ඩායමට හිමිවන නිල කාලය වසරකට සීමා වෙනු ඇත.

නමුත් මේ දක්වා නිලවරණය සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් පෙන්වා නැති පාපන්දු පරිපාලනයට තිබෙන තත්ත්වය අනුව නිලවරණයක් පැවත්වීමට අවස්ථාවක් නැත.ව්‍යවස්ථාව වෙනස් කිරිමේ මහා සභාවේදීම නිලවරණයක් නොපවත්වා කාලය දීර්ඝ කර ගැනීමේ අපේක්ෂාවක් ජස්වර් සහ හේවගේ ප්‍රමුඛ කණ්ඩායමට තිබුණානම් දැන් එය ද අවසන්ය.එය ව්‍යවස්ථාවට අනුව කළ හැකිද යන්නද ගැටළුකාරිය.එවැනි තත්ත්වයක 17 වන දින මහා සභාව පමණක් පදනම් කරගෙන අධිකරණ නියෝගය ලබා දි ඇත්නම් පාපන්දු පරිපාලනය නිලවරණය සඳහා කටයුතු නොකරීමේ ගැටළුවම පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යංශයට,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පත්වෙන ක්‍රීඩා ඇමතිවරයෙක් හරහා නීතිමය උපදෙස් අනුව යමින් පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත් කළ හැකි තත්ත්වයක්ද දක්නට ඇත.

කෙසේ නමුත් ජස්වර් පරිපාලන කාලය වැඩි පුරම පිරි තිබුණේ පාපන්දු වැඩ අතරේම ජස්වර් වැඩට ද පාපන්දු ප්‍රසිද්ධිය එකතු කරන න්‍යාය පත්‍රයකය.විටෙක ජස්වර් යනු “ශ්‍රී ලංකා පාපන්දුව” ද යන තරමට එවැනි ප්‍රචාරයන් හි යම් පහත් බවක් ද ප්‍රදර්ශනය විය.එහෙත් බලය සහ ප්‍රසිද්ධිය සඳහා යෙදවූ කාලය සහ ශක්තිය ජස්වර් ඔහුට පමණක් නොව මින් ඉදරියට එන පරිපාලනයකට හෝ හුස්ම ගෙන වැඩක් කරන්නට අවශ්‍යය පරිපාලනයේ කාලය දිගු කර ගැනීමේ ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් වැය කිරීම අත හැර දැමුවේය.සමහර විට ඔහු ලංකාවේ දේශපාලන හැඩය ගැන සහ ගලා යන ක්‍රමය ගැන විශ්වාසයෙන් එය කළා ද නොදනියි.එහෙත් බලය යනු කුමන හෝ අවස්ථාවක පවරන්නට යමෙක් සිටිනම් එය අනවශ්‍යය බව හැඟණ මොහොතේ ඉවත් කර ගැනිමේ අපෙක්ෂාවෙන් පවරන දෙයකි.ජස්වර් ලා ලංකවේ දේශපාලකයන් මෙන්ම එය හඳුනා නොගත්තේය.එයින් හානිය වන්නේ පෞද්ගලිකව නොවේය.සමස්තයටය.පාපන්දු පරිපාලනයට කවුරුන් පත් වුව ද වෙනස් නොවුණු ව්‍යවස්ථාව ඇතුළත වැඩ කළ හැක්කේ වරසක පමණ කාලයකි.ජස්වර්ලා තින්දුව නිසි වේලාවට නෙැගැනීම නිසා ගැටළුව පවතින්නේ ඔහුගේ කණ්ඩායමට පඹනක් නොවේය.වෙනත් අයෙකු පත් වුව ද එය එසේමය.ගැටළුව පාපන්දුවේ වෙන්නේ එබැවින්ය.

පාපන්දුවේ ජයග්‍රහණ පවතින්නේ ක්‍රීඩකයන්ගේ කික්වල පමණක් නොවේය.එයට අවශ්‍යය පිටිය සැකසීම හරියට සිඳු කරන,සැළසුම් නොමැති පරිපාලනයක් වේ නම් පාපන්දුව හැක් වෙන්නේය.පාපන්දු දැන් සිටින්නේ එවැනි තැනකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan