සාරංගිගෙ පිමිමට හයවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ජපානයේ ගෝල්ඩන් ලීග් ගණයට වැටෙන එකම මලල ක්‍රීඩා උළෙල වන SEIKO GOLDEN GRAND PRIX 2023 අද පැවත් වුණා.එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන්ගේ මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කළ සාරංගි ද සිල්වා හයවන ස්ථානයට පත් වුණා.ඇය වාර්තා කරන ලද දුර ප්‍රමාණය මීටර් 6.29 ක් වූවා.

සාරංගි මේ වසරේ දැක් වූ හොදම දක්ෂතාවය මෙම දුර ප්‍රමාණය වන අතර ඇයගේ ඉහළම දක්ෂතාවය වන්නේ මීටර් 6.65 ක් වෙනවා.තරගයේ පළමු තැනි දිනූ ජර්මණියේ මේරිස් ලුෂෝලෝ මීටර් 6.79 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජය ගත්තා.බෘක් බස්ච්කුවෙල් දිකා ගත්තේ මීටර් 6.77 ක දක්ෂතාවයක් දක්වමින්.තෙවන තැන දිනූ ඉන්දීය ක්‍රීඩිකාව වූ ශහීලී සිං මීටර් 6.65 ක් වූ සාංරගි ගේ හොඳම දක්ෂතාවයට සමාන පිම්මක් වාර්තා කරා.

ප්‍රමානවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් මේ ක්‍රීඩා උළෙලට සහභාගි වූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන්ට සාපේක්ෂව සාරංගි ට නොලැබෙන තත්ත්වයක වුව ඇය මේ තරගයේදී වසරේ හොඳම දක්ෂතාවය වාර්තා කිරීම අගය කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...