ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

Date:

කොළඹ LNW:පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

මේ වන විට ජල ගැලීම් පහව යමින් තිබෙන අතර ඊයේ සහ පෙරේදා සිදුවූ ජලගැලීම් නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8700කට බලපෑම් එල්ල වී තිබුණ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කළ අතර මේ වන විට තත්ත්වය පහව යමින් තිබෙන බවත් එම සුරක්ෂා මධ්‍යස්තනවල සිටි පිරිස් සිය ගම්බිම් බලා පිටත්ව ගිය බවද ඔහු කියා සිටියි.

”ගම්පහ සහ කොළඹ සුරක්ෂා මධ්‍යස්තානවල අය තවම ඉන්නවා. තාක්ෂණික ආයතන ලබාදෙන පණිවිඩ පිළිබද අවධානය ලබාදී කටයුතු කරන්න.අර්ධ හානි 531 වාර්තාවී තියෙනවා. පසුගිය දිනවල ගස්කඩාවැටීම් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කරමින් යනවා. වර්ෂාව සමග බිත්ති පෙගීම් නිසා කඩාවැටීම් කන්ඩි කඩාවැටීම් පිලිබද අවධානය යොමුකරන්න. අපගේ මෙහෙයුම් මැදිරිය පැය 24 ක්‍රියාත්මකයි. හදිසි ආපදා තත්ත්වයක් නම් 117 කතාකරන්න.” යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...