ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

Date:

කොළඹ LNW:පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

මේ වන විට ජල ගැලීම් පහව යමින් තිබෙන අතර ඊයේ සහ පෙරේදා සිදුවූ ජලගැලීම් නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8700කට බලපෑම් එල්ල වී තිබුණ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කළ අතර මේ වන විට තත්ත්වය පහව යමින් තිබෙන බවත් එම සුරක්ෂා මධ්‍යස්තනවල සිටි පිරිස් සිය ගම්බිම් බලා පිටත්ව ගිය බවද ඔහු කියා සිටියි.

”ගම්පහ සහ කොළඹ සුරක්ෂා මධ්‍යස්තානවල අය තවම ඉන්නවා. තාක්ෂණික ආයතන ලබාදෙන පණිවිඩ පිළිබද අවධානය ලබාදී කටයුතු කරන්න.අර්ධ හානි 531 වාර්තාවී තියෙනවා. පසුගිය දිනවල ගස්කඩාවැටීම් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කරමින් යනවා. වර්ෂාව සමග බිත්ති පෙගීම් නිසා කඩාවැටීම් කන්ඩි කඩාවැටීම් පිලිබද අවධානය යොමුකරන්න. අපගේ මෙහෙයුම් මැදිරිය පැය 24 ක්‍රියාත්මකයි. හදිසි ආපදා තත්ත්වයක් නම් 117 කතාකරන්න.” යනුවෙන් හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...