ගෝල්ෆේස් ප්‍රහාරය : හෝකන්දර සැඟව සිටි “සතා නාලක” අත්අඩංගුවට

Date:

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ අශාන්ත නාලක නොහොත් සතා නාලක නමැත්තා ඊයේ (21) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ගෝල්ෆේස් පිටිය අසලදී අරගලකරුවකුට යකඩ පොල්ලකින් මොහු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වී තිබිණි.

මීට පෙර මාර්තු 31 වනදා ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අසලට හමුදා බස් රථයක් පදවාගෙනවිත් මග හරස් කර නවත්වා තිබුණේ ද මොහු විසින් වන අතර පසුව එම බස් රථයට කිසිවෙකු විසින් ගිනිතබා තිබිණි.

එමෙන්ම පසුගිය 05 වනදා පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට පැවති විරෝධතාව අසලදී ද මොහු අරගලකරුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබිණි.

43 හැවිරිදි මෙම පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී CIDය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පාතාල කල්ලි සාමාජිකයකුගේ ඥාතියෙකු බවත් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...