Tuesday, May 30, 2023
spot_img

Latest Posts

චම්පික අද සිට පන්සලෙන් පැන්සලට !

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් නවතම දේශපාලන පක්ෂය අද (22) එළිදැක්වීමට නියමිතව තිබේ.

“එක්සත් ජනරජ පෙරමුණ” නමින් යුත් එම දේශපාලන පක්ෂයෙහි ඡන්ද ලකුණ වන්නේ ‘පැන්සල’ යි.

එම පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 03.00 ට මහරගම ජාතික තරුණ සේවා සහා ශ්‍රවණාගාරයේදී ආරම්භ කිරීමට නියමිතය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ මෙරට සක්‍රිය දේශපාලනයෙහි නිරත වී සිටින පාඨලී චම්පික රණවක මහතා සිහළ උරුමය, ජාතික හෙළ උරුමය, 43 වැනි සේනාංකය වැනි පක්ෂ සහ සංවිධාන රැසකට නායකත්වය දී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය වැනි ප්‍රධාන පක්ෂ සමග සන්ධානගතව මැතිවරණවලට තරගවැදී ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.