*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වෙරළේ වැඩි ගෞවරය ගුවණට

මිගමු වෙරළට දීප්තිය කැඳ වූ සන්ක්වීක් වෙරළ වොලිබෝල් තරගාවලියේ වැඩි ගෞරවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි කර දෙමින් විවෘත කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම දිනා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.එසේම බිටුලින්ක් ක්‍රීඩිකායවන් වයස් කාණ්ඩ අතර තරගවලදී කාන්තා අංශයේ සූරතා දෙකක් සහ අනු සූරතායක් දිනා ගනිමින් සිය කණ්ඩායමේ අනාගත වැදගත්කම ගැන පැහැදිළි කළේය.
පිරිමි තරග අංශයේ ගුවන් හමුදා ඒ කණ්ඩායම සමඟ අවසන් තරගයට පිවිස අනු සූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා ඒ කණ්ඩායමය.කාන්තා අවසන් තරගයේදී සූරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් අතින් පරාජයට පත් වූයේ නාවික හමුදා ඒ කණ්ඩායමය.පිරිමි සූරතාවය දිනූ ගුවන් හමුදා ඒ කණ්ඩායම නියෝජනය කළේ මලිත් සහ දිලීප ය.අනු සූරතාවය දිනූ යුද හමුදා ඒ කණ්ඩායම නියෝජනය කළේ අංජන හා සඳුන් ය.
දිනේෂා සහ තරුෂි ගුවන් හමුදා ඒ කාන්තා කණ්ඩායමට සූරතාවය ගෙන ආහ.නාවික හමුදාවට අනු සූරතාවය දිනා දීමට මැදිහත් වූයේ එම ඒ කණ්ඩායම නියෝජනය කළ දීපිකා සහ තාරුකා ය.විවෘත තරග අංශයේ පිරිමි තෙවන ස්ථානය යුද හමුදා බී කණ්ඩායමට හිමි විය.කාන්තා අංශයේ තෙවැන්නියන් වූයේ යුද හමුදා ඒ කණ්ඩායමය.
අවුරුදු 22 න් පහළ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට සමත් වූයේ හුංගම විජයබා කණ්ඩායමේ සඳරුවන් හා නිර්මාල් ය.නිගම්ඹු යූත් කණ්ඩායම අනු සූරතාවය දිනා ගත් අතර එම කණ්ඩායම නියෝජනය කළේ නිමේෂ් සහ සඳුන් ය.එම වයස් කාණ්ඩයේ කාන්තා සූරතාවය මහමේරුව ලෙෂර් කණ්ඩායමට දිනා දෙන්නට ශෂිනි සහ නිපුනි සමත් වූහ.නෙත්මි සහ තිවානි එක්ව එම අනු සූරතාවය බිටුලින්ක් බී කණ්ඩායමට දිනා දුන්හ.අවුරුදු 22 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැන්නන් වන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි විය.එම වයස් කාණ්ඩයේ තෙවැන්නියන් වූයේ හුංගම විජයබා කණ්ඩායමය.

දවිසමර ඒ කණ්ඩායම අවුරුදු 19 න් පහළ පිරිමි සූරතාවය දිනා ගත්තේ අවසාන තරගයේදී සෙන්ට් මේරීස් කණ්ඩායම අනු සූරයන් බවට පත් කරමින් ය.දවිසමර ජයග්‍රාහී කණ්ඩායමට මනුජ සහ රශ්මික් අයත් වූ අතර සෙන්ට් මේරිස් කණ්ඩායම නියෝජනය කළේ ජනීර් සහ නස්රාන් ය.අවුරදු 19 න් පහළ කාන්තා අංශයේදී බිටුලින්ක් කණ්ඩායම නියෝජනය කළ චතුරි සහ නිෂාධි සූරියෝ වූහ.මලිති සහ විෂාරා, සංඝමිත්තා බාලිකාව නියෝජනය කරමින් එම වයස් කාණ්ඩයේ අනු සූරතාවය දිනා ගන්නට සමත් වූහ.පිරිමි අංශයේ තෙවන තැන ලොයෙලා අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් දිනා ගනිද්දී,එම වයස් කාණ්ඩයේ තෙවැන්නියන් වූයේ තංගල්ල බාලිකාවය.

අවුරුදු 16 න් පහළ බාලක තරග අංශයේ සියලු ගෞරවය ජනාධිපති විද්‍යාල කණ්ඩායමට හිමි විය.ඒ කණ්ඩායම එහි සූරයෝ වූහ.එම කණ්ඩායම නියෝජනය කළේ පබසර සහ සාමර ය.අනු සූරතාවය දිනූ බී කණ්ඩායම නියෝජනය කළේ ප්‍රමෝද් සහ ෂෙහාන් ය.එම බාලිකා සූරතාවය සසිඳුන් සහ සත්සරණි එක්ව බිටුලින්ක් කණ්ඩායමට දිනා දුන්හ.අනු සූරතාවය දිනා ගත්තේ කදන්ගමුව බී කණ්ඩායම නියෝජනය කළ සුහානා සහ සචිනි ය.අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේ තෙවන තැන සෙන්ට් මේරිස් කණ්ඩායම දිනා ගනිද්දී බාලිකා අංශයේ තෙවැනි තැන කදන්ගමුව කණ්ඩායමට හිමි විය.


සූරතාවයන් දිනා ගත් කණ්ඩායම්වල ඡායාරූප මේ සමඟ ඇති අතර විවෘත අංශයේ අවසන් තරග සජීවීව ප්‍රචාරය වූ යු ටියුබ් සබඳතාවය ද පහතින් දක්වා ඇත.


https://www.youtube.com/watch?v=BccAW7hl22w

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan