*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සමාජ මාධ්‍ය දෙසට හැරෙන එජාපයේ අලුත් පිම්ම!

කොළඹ LNW: සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය දේශපාලන පක්ෂයකට ඉතාම වැදගත් වෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පවසයි.

වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය පාලනය කිරීමක් සිදු නොවන අතර ඒ නිසාම පක්ෂයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාධ්‍ය භාවිත කිරීම ඉතාම පරිස්සමින් සිදු කළ යුතුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

සාගල රත්නායක මහතා මේ බව කියාසිටියේ ගාල්ලේ “රැඩිසන් බ්ලු” හෝටලයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

”ලංකාවේ පවතින සමබර සහ සාධාරණ මාධ්‍ය වටපිටාව නිසා පක්ෂයක් වශයෙන් එය අපිට යම් අවාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියට අපි ගරු කළ යුතුයි. ඒ නිසා සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම ඉතාම වැදගත් දෙයක් බවට පත්වෙලා තිබෙනවා. එනිසා පසුගිය අවුරුදු 10 -15 ක කාලය තුළ සමාජ මාධ්‍ය කියන එක විශාල වශයෙන් ගොඩනැගිලා තිබෙනවා.මැතිවරණ ව්‍යාපාර වලදී පවා සමාජ මාධ්‍ය හැසිරීම කියන එක ඉතාම වැදගත් අංශයක් බවට පත් වෙලා තිබෙනවා.මේ මොහොතේ අපිට තියෙන්නේ එක වැඩ වැඩපිළිවෙළයි. ඒ තමයි ,රට නිවැරදි මාර්ගය ට නැවත ගැනීම.70% ක තිබුණ උද්ධමනය සියයට තිහකට අඩු කරන්නට හැකියාව ලැබුණා.පෝලිම් යුගය නැති නැතිවුණා. රුපියලේ අගය වඩා හොඳ මට්ටමකට පත් වුණා.

වසර අවසාන වෙද්දී උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒම තමයි අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ.දැනට පොළී අනුපාතය පහළට ගෙන ඒම පමණයි අපට කරන්නට තිබෙන්නේ. මුදල් සංසරණයට සහ විශාල ව්‍යාපාර,කුඩා ව්‍යාපාර හැම එකටම ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එනිසා එය තනි ඉලක්කමකට ගෙන ඒමේ වගකීම අපට තිබෙනවා. අපි මුලින්ම කළේ,ස්ථායිකරණ වැඩසටහනට ප්‍රවේශ වීමයි. ඊට පස්සේ නිශ්චිත රාමුවක් තුළ වෙනස් කිරීමේ කටයුතු ආරම්භ වුණා. දැන් අපිට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මණින් ආර්ථිකය වර්ධනයට ලක්කිරීමයි. එක තීරණයක් හැමෝටම සමානව ලැබෙන රටක් බවට පත්කළ යුතුයි.

එවිට තමයි ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන්ම වේගයෙන් දියුණු කළ හැකි සංචාරක ව්‍යාපාර වගේ අංශ දියුණු කිරීම ඉක්මණින් කළ යුතුව තිබෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය නවීකරණය කරලා ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් තුනක් හතරක් පමණ ලබන තැනක් සාමාන්‍යයෙන් නවීන තාක්ෂණයත් මෙට්‍රික් ටොන් 10ක් වගේ දක්වා දියුණු කර ගෙන තිබෙනවා අපි දැක්කා. ඩ්‍රෝන තාක්ෂණය,පසට ගැලපෙන පොහොර ලබාදීම වැනි දේවල් එක්ක මේ ක්ෂේත්‍රය දියුණු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ රට ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. ඒ තුළින් වංචාව දූෂණය පිටු දකින්නට පුළුවන්. ඒ වගේම තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපේ රටේ විශාල පිරිසක් බිහි වුණත්,ඔවුන් පිටරටට ඇදී යෑම වැඩියි. එනිසා මේ රට නිවැරදි පිළිවෙළට සකස් කළ යුතුව තිබෙනවා. නූතන ලෝකයත් එක්ක ඉදිරියට පත්වාගෙන යා හැකි රටාවක් මේ රට තුල නිර්මාණය කළ යුතු වෙනවා.

ඒ අනුව පුංචි කාලේ ඇවිදින්න ඉගෙන ගන්නවා මෙන් නැවත මුල පටන් ආරම්භ කළ යුතු වන බවයි සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan