ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා කිමාලි ඉල්ලා අස්වෙයි!

Date:

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, ඈ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත භාර දී ඇති බවට වාර්තා වේ.

කිමාලි ප්‍රනාන්දු හෙවත් ‘කුප්‍රකට ඩිල්මා ලේලිය’ යන විරුදාවලිය ලත් තැනැත්තිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය භාරගත් සමයේ පටන් වසර 2 හමාරක පමණ කාලය තුළ එම අධිකාරියේ කීර්ති නාමයට බරපතල අන්දමින් හානි සිදුවන ක්‍රියාදාමයක් රැසකට වගඋත්තරකාරියක වූ අතර, දේශපාලන වරප්‍රසාද අවභාවිතා කරමින් පෞද්ගලික ඉඩම් තම ඥාතිසංග්‍රහයට කැප කළ අයුරු, ඊට අදාළව සිදුවූ අධිකරණ කටයුතු හමුවේ අධිකරණය අපහාස වන අන්දමින් හැසිරුනු අයුරු හා පෞද්ගලික නීතීඥ සහාය ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිතා කළ අයුරු පිළිබඳව මුල්ම වරට රටට කරුණු අනාවරණය කළේ ලංකා නිව්ස් වෙබ් අප ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අතර මෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ ද ඒකමතික අප්‍රසාදයට පාත්‍ර වූ ඇය වගඋත්තරකාරියක වන අක්‍රමිකතා හමුවේ කීර්තිනාමය පළුදු වූ යේ කිමාලිගේ නොව ඈ ඥාතීත්වය දරන මෙරට කීර්තිමත් ව්‍යාපාරික භවතුන්ගේ මෙන්ම එයිට්කෙන් ස්පෙන්ස් සමාගමේ කීර්තිමත් හිටපු අධ්‍යක්ෂකවරයකු වන ජී.සී වික්‍රමසිංහ හෙවත් කිමාලි ගේ පියාණන්ගේ ය.

කිමාලි, ඔබ පිළිබඳව නොකඩවා කරුණු වාර්තා කළ අපට ඔබ සමග පෞද්ගලික විරසකයක් නොමැති අතර, සත්‍යය දැනගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් ඔබගේ පාලනය යටතේ සිදුවූ හා ඔබ වගකිව යුතු අක්‍රමිකතා වාර්තා කිරීම පමණක් අප විසින් සිදුකළ බව සඳහන් කිරීමට අපි කැමැත්තෙමු.

ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක කරමාන්තයේ උන්නතිය වෙනුවෙන් කිමාලි ට කළ හැකි ගෞරවාන්විතම හා උපරිම දායකත්වය මෙය වන අතර, ඈගේ ඉල්ලා අස්වීම පිළිබඳව අපි ද කිමාලි ට සුභපතන අතර ස්තූතිවන්ත වන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුවක්දණ්ඩාවේ සනා නමැත්තා...

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...