ලංවිම ප්‍රතිසංස්කරණට ජපානයේත් සහය!

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එම සහය ලැබෙනු ඇති.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වුණු අතර එහිදී එකී ප්‍රතිසංස්කරණ ගැන සාකච්ජා කර තිබේ.

ස්ථාපිත කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහය සහ අරමුදල් ලැබෙනු ඇති අතර ඉදිරි මාස 12 තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ සංක්‍රාන්ති සැලැස්ම ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලයට පවරා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...