“ආරක්ෂක සේවා රග්බි” සඳහා ගුවන් ආක්‍රමණයක්

Date:

රත්මලාන ගුවන් හමුදා කදවුරු රග්බි පිටියේ දී මැයි මස 09 වන දින සිට 16 දින දක්වා පැවති ආරක්ෂක සේවා රග්බි තරගාවලියේ දී, යුද හා නාවික හමුදා රග්බි කණ්ඩායම් පරාජය කරමින් 2023 වසරේ ආරක්ෂක සේවා රග්බි සූරතාවය දිනා ගැනීමට ශ්‍රි ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් විය.

ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරගයේ දි ලකුණු 15-13ක් ලෙස ද, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග පැවති තරගයේදි ලකුණු 23-13ක් ලෙස ද ජයග්‍රහණය සහතික කර ගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 මැයි 23 වන දින නාවික පාබල ආඥාපති රියර් අද්මිරාල් පිඒඑන්එල් පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදි දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ගයන්ත ඉද්දමල්ගොඩ විසින් හිමි කරගන්නා ලදි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...