ජන ජීවිතයට දැඩිව බලපාන තේ කර්මාන්තයේ කඩාවැටීම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): මෙරට තේ නිෂ්පාදනය ඇත්තේ බරපතළ අර්බුදයක බවත්, ඒ අනුව ගතවූ පස් වසරක කාලයේදී මෙරට තේ අපනයනය මෙට්‍ර්ක් ටොන් හතළිස් හතර දහසකට අධික ප්‍රමාණයක් පහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙයි.

මහාචාර්යවරයා කියා සිටියේ, මෙරට සමස්ථ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් සියයට 51 ක්ම හිමිවන්නේ තේ කර්මාන්තයෙන් බැවින් එම කර්මාන්තය කඩාවැටීම මිලියන 2.5 කගේ පමණ ජන ජීවිතයට දැඩිව බලපාන බවයි.

තේ කර්මාන්තය කඩා වැටීමට බලපා ඇති හේතු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් සෙවීම මේ මොහොතේ රජය සතු වගකීම බවද ඔහු වැඩිඩුරටත් කියා සිටියේය.

2019 වස​රේදී තේ නිෂ්පාදනය මෙට්‍ර්ක් ටොන් ලක්ෂ තුනකට වැඩි වුවද එම ප්‍රමාණය 2021 වන විට දෙලක්ෂ අනූනවදහසකට පමණ අඩුවූ බවත්, මේ ආකාරයට පසුගිය වසර පහ සිට දිගින් දිගටම මෙම තේ නිෂ්පාදනය පහළ යන බවද ඔහු වැඩිදුරටත් පැහැදිළි කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...