Tuesday, May 30, 2023
spot_img

Latest Posts

පාස්පෝට් කන්තෝරුව ළඟ සල්ලි ගැරූ තවත් තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර අංශයට සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට පෝලිම්වල නොසිට කඩිනමින් එම සේවාවන් ඉටුකර ගෙන බව පවසමින් මුදල් ලබාගත් තවත් තැරැව්කරුවන් තිදෙනෙකු ඊයේ (25) දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ගතවූ දින කිහිපය තුළ අත් අඩංගුවට ගත් මුළු තැරැව්කරුවන් සංඛ්‍යාව 19ක් වේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අසල ඇති තදබදය සම්බන්ධයෙන් මෙන්ම මෙකී තැරැකරුවන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පැමිණිලි ලැබී තිබුණු අතර ඒ මහතාගේ නියෝග පරිදි බුද්ධි අංශ සමග ඒකාබද්ධව මෙම තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වේ.

එමෙන්ම මෙම තැරැව්කරුවන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන ඇතැම් නිලධාරීන් පිළිබඳවත් විමර්ශන සිදුකෙරෙන බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.