ශාෆ්ටර් මහතාගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (26)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දෙවැනි මරණ පරීක්ෂණය සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඊයේ ගොඩ ගනු ලැබු අතර , ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (26)පෙරවරුවේ ආරම්භ වන අතර එය  පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් මෙහෙයවනු ලබයි.

එම විශේෂඥ කමිටුවට අයත් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් , රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු , කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ පී.ආර් රුවන්පුර හා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් සිවසුබ්‍රමනියම් යන  මහත්වරුන් වේ.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිය මෝටර් රථයේම දෑත් සහ ගෙළ සිරකර බැද දමා සිටියදී සොයා ගැනුණේ ඔහුට අයත් ආයතනයක නිලධාරියෙකු විසින් වන අතර , ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගිය පුවත සැලවිය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මූලික මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණයට දැනුම් දුන්නේ , තන්තුවකින් ගෙළ සිරවීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවට වන අතර , මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ, එය සිදුව තිබූ ආකරය පිළිබඳව මතුවූ ප්‍රශ්නකාරී තත්ත්වයත් හමුවේය.

එහෙත් විෂ වේද වාර්තා ලැබීමෙන් පසු ශාෆ්ටර් මහතාගේ මරණයට තවත් හේතුවක් බලපා ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා තම සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණය වෙත දැනුම් දුන් අතර , සයනයිඩ් නැමති විෂ ශරීරගත වීම ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුවී ඇති බව එහි සඳහන් වී ඇත.

සයනයිඩ් විෂ දැමූ කෙටි ආහාරයක් ඔහු ආහාරයට ගෙන ඇති බවත් , ඔහුගේ ආමාශයෙන් මෙන්ම රුධිරයේද සයනයිඩ් විෂ හමුවූ බවත් එහිදී ප්‍රකාශ වූ අතර ,එහිදී ශාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කලේ මරණ පරීක්ෂණ වාර්තාවල පරස්පරතා පවතින බවයි.

ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස නියෝග කරමින් අධිකරණය කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ අතර මේ වනවිට දේහය යළි ගොඩගැනීමෙන් පසු පරීක්ෂණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...