සජිත්ගේ “සක්වල” 202 වැනි ස්මාර්ට් පන්ති කාමරය ගෝමරන්කඩවල මහා විද්‍යාලයට (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 202 වැනි අදියර ඊයේ (26) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල, ගෝමරන්කඩවල මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම ඊයේ දිනයේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙසේ පරිත්‍යාග කරන ලද සුහුරු පන්ති කාමරයේ වටිනාකම රුපියල් 1,177,000 කි. එමෙන්ම එහිදී පාසලේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 ක මුදලක් ද පරිත්‍යාග කරන ලද අතර පාසලේ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීම උදෙසා අවශ්‍ය මළලසේකර ශබ්දකෝෂ 5ක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම උත්සව අවස්ථාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තාක්ෂණික අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා කුසලතාවය කිසිවිටකත් වරප්‍රසාද ලත් සුළු පිරිසකට සීමා නොවිය යුතු බවත් එය රටේ සෑම දරුවකුටම බලාපොරොත්තුවේ ආලෝකයක් විය යුතු බවත් ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 198ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2248ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...