සජිත්ගේ “සක්වල” 202 වැනි ස්මාර්ට් පන්ති කාමරය ගෝමරන්කඩවල මහා විද්‍යාලයට (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 202 වැනි අදියර ඊයේ (26) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල, ගෝමරන්කඩවල මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම ඊයේ දිනයේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙසේ පරිත්‍යාග කරන ලද සුහුරු පන්ති කාමරයේ වටිනාකම රුපියල් 1,177,000 කි. එමෙන්ම එහිදී පාසලේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 ක මුදලක් ද පරිත්‍යාග කරන ලද අතර පාසලේ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීම උදෙසා අවශ්‍ය මළලසේකර ශබ්දකෝෂ 5ක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම උත්සව අවස්ථාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තාක්ෂණික අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා කුසලතාවය කිසිවිටකත් වරප්‍රසාද ලත් සුළු පිරිසකට සීමා නොවිය යුතු බවත් එය රටේ සෑම දරුවකුටම බලාපොරොත්තුවේ ආලෝකයක් විය යුතු බවත් ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 198ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2248ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...