*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බැසිල් ගේම්කාරයා. කොහොම හරි ගේම ගහනවා. මීළඟ ජනාධිපතිත් අපේ, ආණ්ඩුවත් අපේ – චන්ද්‍රසේන

සටහන – රුවන් නෙළුගොල්ල

මීළඟ ජනාධිපතිවරයා පත්කර ගන්නේත් ආණ්ඩුව පිහිටුවන්නේත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

“අපි දන්නවා අපට එක තැනකදී පොඩ්ඩක් වැරදුණා. කාටත් වරදිනවා, ඒ වැරැද්ද හදාගෙන යන එක තමයි අපේ යුතුකම. ඒත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට නෙවෙයි වැරදුණේ, වෙන කෙනෙකුට වැරදුණා. මෙතුමා අතින් එහෙම කවදාවත් වැරැද්දක් වෙන්නෙ නෑ. අද අපේ පක්ෂය මෙතුමාගෙ නායකත්වය යටතේ ඉදිරියට යනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා, තමුන්නාන්සෙලා දන්නවා ගේම්කාරයා කියලා. ගේම ගහනවා කොහොමහරි. ඊළඟටත් අපි තමයි ජනාධිපති කෙනෙක් පත්කර ගන්නේ. පාර්ලිමේන්තුව පත්කර ගන්නෙත් අපි. ඒ නිසා බයවෙන්න එපා. තව මාස හතරකින් අපේ ජනාධිපතිවරයෙක්, තව මාස හයකින් අපේ ආණ්ඩුවක් එනවා”

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (26) තලාව නගරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලාවැව ආසන සමුළුව අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan