ආඩම්බරෙන් බදු ගෙවන්න එන්න – දේපළ ගැසට්ටුව ගැන කරුණු පැහැදිලි කරමින් මුදල් රාජ්‍ය ඇමති කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට පුරවැසියන්ගේ සහ රාජ්‍ය ආයතනවල නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ තොරතුරු 2024 ජුලි 01 වනදා සිට නිතිපතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඉඩම් සහ දේපළවල අයිතිය පිළිබඳ තොරතුරු, දේපළ විකිණීම, ලියාපදිංචි කළ බදු ගිවිසුම්, කොටස් වෙළඳපල අයිතිය පිළිබඳ තොරතුරු යනාදිය සෑම පුරවැසියෙකුම සහ රාජ්‍ය ආයතනයක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

“මේක ලෝකේ හැම තැනකම ආදායම් බදු නීතියේ තියෙන කාරණාවක්. අපේ රටේත් ආදායම් බදු නීතියේ මේක පැහැදිලිවම තියෙනවා, තෙවැනි පාර්ශ්වයකින් තොරතුරු ලබාගැනීමේ අයිතිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට තියෙනවා. මේක ඉතින් හැමදාම ආදායම් පනතේ තිබුණු කාරණාවක්. වැඩක් ක්‍රමානුකූලව කරලා ක්‍රියාත්මක කිරීම තමයි මේ සිද්ධ වෙන්නෙ. මේවා ක්‍රියාත්මක නොකළ නිසා තමයි රාජ්‍ය ආදායම ඉතාම අඩුවෙලා මහා ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට වැටුණේ. මේවා අතීතයට ගිහිල්ලා මේ පීඩාවට පත්වෙච්චි සමාජය තවත් පීඩාවට කිරීමේ බලාපොරොත්තුවක් මේවායේ නෑ. අනාගතයේ අපි හරියට යමු. අපි හැම කෙනෙක්ටම මම ආරාධනා කරන්නෙ මේ රාජ්‍ය ආදායමේ තමන්ට ආඩම්බරයෙන් බදු ගෙවන්නෙක් හැටියට කොටස්කරුවකු බවට පත්වෙන්න. ජුලි මාසෙ පළවෙනිදා ඉඳන් හෝ අපි නිවැරදිව මේ කටයුතු ටික කරගෙන යමු”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුළු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...