*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජනක රත්නායක හෝ රත්‍රං සබ්‍රි ජනාධිපති කරමු …?

ජනාධිපති ගාය කියන්නේ එසේ මෙසේ ලෙඩක් නෙවෙයි. ගෝඨාභයගෙන් පස්සේ ජනාධිපති ගාය පැතිරෙන්ණේ වසංගතයක් විදිහට.පාරේ යන කොල්ලටයි, බල්ලටයි පවා වෛරසය ආසාදනය වෙලා.ඉතින් දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති ගාය හැදෙන එක අහන්නත් දෙයක්ද?මොකද එයාලා දන්නවා ඕවගේ තියන රසය.දැන් රනිල්,සජිත්,අනුර, පාඨළී,ඩලස් වගේ අයගෙන් රෝග ලක්ෂණ විද්‍යාමාන වෙන්න පටන් අරන්.ජනාධිපති ගාය ව්‍යාපාරිකයන්ට හැදුනහම අන්තිම දරුණුයි.ඉස්සර ඔය ලෙඩේ සිද්ඬාලේප මුදලාලිට තිබුනා.ඊට ඉස්සෙල්ලා උපාලි විජයවර්ධනට, ලලිත් කොතලාවලට හෙමත් තිබුණා කියලා අහලා තියනවා.දැන් ඉන්න ව්‍යාපාරිකයෝ කීපදෙනෙකුටත් රෝග ලක්ෂණ පහල වෙලා.ධම්ම පෙරේරාට, ඩඩිලිට,දිලිත්ට හෙමත් Positive වෙලා තිබුණේ.

ඊළඟට ලෙඩේ බෝවේගෙන යන්නේ ස්වාධීන කොමිෂන් සභාවල කට්ටියට.ලෙඩේ නරකම විදිහටම උඩු දුවලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂමේ හිටපු සභාපති ජනක රත්නායකට.ජනක දැන් කෙලින්ම කියනවා ඊළගට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රට බේර ගන්නවා කියලා.ජනක මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති වුනේ කොහොමද කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී කියවුනා. ජනක ගැන කියපු කතා ඇත්තද බොරුද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි එක පාරක් කෝප් කමිටුවේදී ජනක කිව්වේ හිටපු ජනාධිපති ගෝඨාභයගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට එයා උදව් කළා කියලා.එයා ගැන ගෝඨාභයගෙන් දැනගන්න පුළුවන් වගේ කතාවක් කිව්වා.ගෝඨාභයට කාර්යාල දාන්න ජනකගේ ගොඩනැගිලි දුන්න බවත් කිව්වා. ඇත්තටම ජනක මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති වෙන්න බලපාපු මූලික සුදුසුකම ඒක.ගෝඨාභයගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට උදව් කරපු එක. මෙතනදී අපට එක දෙයක් පැහැදිලි වෙනවා.ඒ තමයි අපේ රටේ තක්කඩි දේශපාලකයන් විසින් අවභාවිතා නොකල දෙයක් නෑ කියලයි.

ස්වාධීන කියන වචනය පවා දේශපාලකයා අවභාවිතා කරලා තියනවා.රාජ්‍ය පාලනයේදී ස්වාධිනයි කියන්නේ ඇත්තටම බොරුවක්.ඒක ඔප්පු කරන්න මෑතකාලිනව තියන හොඳම සිද්ධිය තමයි 24 වෙනිදා පාර්ලිමේන්තුවේදී දිගහැරුණ ජනකගේ සිද්ධිය.ජනක කවුද කියලා දැන් මුළු රටම දන්නවා.එයා ස්වාධීන භූමිකාවක් කරනවා කියලා පෙන්නුවේ රඟපෑමක්.ඒක ජනාධිපති හීනය ඔළුවේ තියනගෙන කරපු රඟපෑමක්.ජනාධිපති ගාය හැදිච්චි අයගේ වැඩ කලාව දැන් අපිට හොඳටම පැහැදිලියි.හැරෙනකොට කියන්න පුළුවන්.සල්ලි ටිකක් හොයාගෙන පොඩි ජනප්‍රියත්වයක් හදාගත්ත ගමන් ජනාධිපති ගාය හැදෙනවා.ඊට පස්සේ කරන කියන හැමදේම ඒ හීනයට යටත්. ඇත්තටම පිස්සු නේද?අපිට නං ඒක හරිම ජුගුප්සාජනකයි.මොකද ජනාධිපති ගාය ඔළුවට ගැහුවට පස්සේ සමාජයේ හිටපු පට්ට අපතයෝ සුචරිතලා වෙන්න පටන් ගන්නවා.සමහරු එක රැයෙන් සුචරිත වෙලා.ඒක හරියට නියුමෝනියා තත්වයක් වගේ.

ජනතාව ගැන හිතන බව පෙන්නනවා,රට ගැන හිතන බව පෙන්නනවා,තමන් මොන වගකීම දරුවත් රටට වැදගත් පොදු තීරණ ගන්නවා වෙනුවට කරන්නේ ජනාධිපති ගායෙන් තීරණ ගන්න එකයි.ජනක රත්නායකගේ මහජන කොමිෂමේ සභාපති භූමිකාවෙන් ඒ ඔප්පු කරලා තියනවා.රට අර්බුදයක තියෙද්දී ඒක සමහන් කරගන්න ආණ්ඩුවක් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා වෙනුවෙට ජනක කළේ බොරු ජනතා ප්‍රේමයක් පෙන්නමින් ඊළග ජනාධිපතිවරණයට ලෑස්ති වෙන එකයි.ඒක නිසා ජනකගේ පාර්ශවයවත් ජනක විරෝධී පාර්ශවයවත් නියෝජ්‍ය කරන්න අපට නං ඕනි නෑ.සජිත් කියන විදිහට ඔය දෙපැත්තේම බ්‍රාහ්මණයෝ නෑ ඉන්නේ වසලයෝ විතරයි.ජනක විතරයක් නෙවෙයි මේ ස්වාධීන කොමිෂන්වලට පත්කරපු කිසිම කෙනෙක් ස්වාධීන නෑ.ජාතික පොලිස් කොමිසම ස්වාධීනයි කියලනේ කියන්නේ. මොන බොරුද අනේ?එහෙනං ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති කොහොමද බැසිල් පිටරට ගිහින් එනකොට එයාපෝට් එකට ගිහිල්ලා බැසිල්ට වැඳ නමස්කාර කරන්නේ.බැසිල්ට වඳින්න තරම් පිස්සුවක් පොලිස් කොමිසමේ සභාපතිට තියෙන්න විදිහක් නෑ.

අනික රටේ ජනතාවගේ බඳු මුදලින් නඩත්තු වෙන නිලධාරියෙක් මොකටද බැසිල් වගේ දේශපාලන පරපෝෂිතයෙකුට වඳින්නේ.වෙන මොකවත් නෙවෙයි පොලිස් කොමිෂමට ඒ නිවට නිලධාරියා පත් කරලා තියෙන්නේ රාජපක්ෂලා හින්දා වැන්දා.ඔන්න ස්වාධීන පොලිස් කොමේෂමේ තරම.ඊළගට මැතිවරණ කොමිෂමත් ස්වාධීනයි කියලනේ කියන්නේ.මාර වැඩේ කියන්නේ ස්වාධීන මැතිවරණ කොමිෂමේ හිටපු ස්වාධීන නියෝජිතයෙක් වුන චාල්ස් දැන් උතුරේ ආණ්ඩුකාරයා.ඒ කියන්නේ උතුරු පලාතේ රනිල්ගේ දේශපාලන නියෝජිතයා.මැතිවරණ කොමිසමට දාලා තමන්ගේ වැඩේ ගන්න ඕනි උනාම චාල්ස් ස්වාධීන කරනවා.ඒ වැඩේ කරගත්තට පස්සේ අනිත් වැඩේ ගන්න ස්වාධීන කරපු චාල්ස් කිසිම හිරිකිතක් නැතිව දේශපාලනික කරනවා.වැඩේ කරන්න රනිල්ට ලැජ්ජා නෑ වගේම ඊළඟ තැනට යන්න චාල්ස්ටත් ලැජ්ජා නෑ.ඔහොම තමයි ඔය හැම කොමිෂමකටම පත් කරපු හැමදෙනාම.රටේ රාළ ඉතා වගකීමෙන් කියනවා ස්වාධීන කොමිෂන් කියලා ස්වාධීන ආයතන ජාතියක් ශ්‍රී ලංකාවේ නං නෑ.

ස්වාධින කොමිෂන් කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න ස්වාධීන හැඩයෙන් තමන්ගේ අතවැසියෝ රිංගවන තැනක් විතරයි.ඒවා තනිකරම දේශපාලන පත්වීම්. එතකොට කවුරු හරි අහයි දේශපාලනයෙන් තොර කිසිදෙයක් නෑ සියල්ල දේශපාලනිකයි කියන රටේ රාළ කොහොමද ස්වාධීන කොමිෂන් සහා ස්වාධීන වෙන්න ඕනි කියලා කියන්නේ කියලා.ඔව් ඇත්තටම රටේ රාළත් කියන්නේ එයාලගේ ඇඟට උඩින් ස්වාධීන පිරුවටයක් දැම්මා කියලා ඔය කවුරුවත් ස්වාධීන වෙන්නේ නෑ. හැම කෙනාටම දේශපාලන මතයක් තියන බව ඇත්ත.හැබැයි ඒ නිවටයෝ දැන ගන්න ඕනි පොදු සමාජ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ස්වාධීන කොමිෂන්වලට දාන්නේ එයාගේ දේශපාලන මතය ක්‍රියාත්මක කරන්න නෙවෙයි. එයාගේ දේශපාලන මතය පැත්තකින් කියලා රටේ සහ මහජන අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යස්ථව වැඩ කරන්න කියලා. නීතියට අනුව වැඩ කරන්න.මෙතන ස්වාධීනයි කියන්නේ ඒකට.එයාලට මොනම පාර්ශවයක්වත් නියෝජනයට කරන්න බෑ.

ඇත්තටම මෙතනදී මතක් කරන්න ඕනි නමක් තියනවා.ඒ තමයි හිටපු කතානායක කරූ ජයසුරිය. කරූට කතානායකකම හම්බ වෙනකොට කරූ එජාප සභාපති.එයාට දේශපාලන මතයක් තිබුණා. එජාප ඊළඟ නයකයා විදිහට යෝජනා උන නමක්.හැබැයි කරූ කතානායක ධූරය බාරගත්තට පස්සේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයට ගොඩවෙලාවත් තිබුණේ නෑ. ඇත්තටම කරූ කතානායකකමේ ඉදන් රනිල්ගේ රෙදි හේදුවා නම් කරූ අදත් දේශපාලනයේ ඉන්නවා. අදත් කරූ රැකගත්ත ඒ ස්වාධීනතාවයට වටිනාකමක් තියනවා.රනිල් පවා ඒකට ගරු කරනවා ඇති.අපි ගරු කරන්නේ කරූගේ දේශපාලනට නෙවෙයි කරූ රැකපු ස්වාධීන පාරමිතාවට.රටේ රාළ අහන්නේ ඔය ස්වාධීන කොමිෂමක අඩුම ගානේ කරූගේ මට්ටමින් ස්වාධීනතාවය රැකගත්ත එක නමක් කියන්න පුලුවන්ද කියලයි?ස්වාධීනයි කියන පිරුවටය කාගේ හරි ඇඟට දැම්ම පමණින් එයා ස්වාධීන වෙන්නේ නෑ.රටේ රාළට එතනදී කියන්නේ නෑ මේ ස්වාධින කොමිෂන් සභා වැඩක් නෑ කියලා.

ඒවා විසුරවන්න කියලා නෙවෙයි මේ කියන්නේ.ස්වාධීන කොමිෂන්වලට පුද්ගලයෝ පත් කළ පමණින් ඒවා ස්වාධීන වෙන්නේ නෑ. ඒවා ස්වාධීන කරගන්න නං අනිවාර්යයෙන්ම මහජන බලපෑමක් ඕනි.මේවා හරි තැන තියන්න ආයතනික ව්‍යුහයට විතරක් බෑ.ඒ වෙනුවෙන් පෙල ගස්සපු නිවැරදි සමාජ මනෝභාවයක බලපෑම තියෙන්න ඕනි.ස්වාධීන කොමිෂන්වල ඉන්න අය තමන්ගේ දේශපාලන මහ රාළලාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යටිතල පහසුකම් හදන අයනම්, තමන්ගේ පෞද්ගලික ඉලක්ක වෙනුවෙන් වැඩ කරන අයනම් ඒ බව දැනුන සැනින් තනතුරුවලින් ගලවන්න පුළුවන් ක්‍රම වේදයක් වහාම නීති ප්‍රතිසංස්කරණක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න ඕනි.ඒ වගේම තමයි ඔය ගෞරවණීයයි කියන තක්කඩි මහජන නියෝජිතයනුත් පීලි පනිනකොටම කනෙන් ඇඳලා දාන් පුළුවන් නීති අණපනත් වහාම ගේන්න මහජන බලකිරීමක් ඕනි.

නැත්තං ඊළගට ජනාධිපති ගාය හැදෙන්නේ සති දෙකකට පාරක් රට ගිහින් නීති විරෝධී විදිහට රටට රත්තරන් ගෙනාපු පොහොටුවේ දෙවෙනි රත්තරන් කියලා විරුදාවලිය ලබපු රත්තරං සබ්‍රි වගේ අයට.ජනාධිපති ගාය හැදෙනවා විතරක් නෙවෙයි ඒ සල්ලි වියදම් කරලා ජනාධිපති වෙන්නත් පුළුවන්.සල්ලි කිව්වොත් ඕනි පහත් වැඩක් කරන මිනිස්සු බහුතරයක් ඉන්න රටක් තමයි දැන් ශ්‍රී ලංකාව.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan