Kim Jong Un ගේ සිහිනය බොඳවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):උතුරු කොරියාව විසින්, ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සමග දියත් කරන ලද රොකට්ටුවක් සඳුදා ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු පුපුරා ගිය බව ClickOrlando.com වාර්තා වේ.

මෙය උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවවන අතර, මේ හරහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වඩා හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා බහු චන්ද්‍රිකා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරුණි.

කෙසේ වෙතත් මෙලෙස ගුවන් ගතව සුළු කාලයක් ඇතුලත ඔත්තු චන්ද්‍රිකාව විනාශවීම උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් ලෙස වාර්තා වේ.

මේ උතුරු කොරියානු අසාර්ථක දියත් කිරීම සිදු වූයේ දකුණු කොරියාව, චීනය සහ ජපානයේ නායකයින් වසර හතරකට වැඩි කාලයකට පසු ඔවුන්ගේ පළමු ත්‍රෛපාර්ශ්වික රැස්වීම වෙනුවෙන් සෝල් නුවරදී හමුවීමෙන් පැය කිහිපයකට පසුවයි.

නමුත් උතුරු කොරියාව, එහි ප්‍රධාන මිතුරා සහ ආර්ථික සහයකයාවන චීනය, කලාපය තුළ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වන විට, ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග ගැනීම අතිශය අසාමාන්‍ය බව විචාරකයන් පවසයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේ, උතුරු කොරියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව පළමු අදියරේ පියාසර කරමින් සිටියදී ගුවන්ගත වූ විගස එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් පුපුරා ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...