Kim Jong Un ගේ සිහිනය බොඳවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):උතුරු කොරියාව විසින්, ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සමග දියත් කරන ලද රොකට්ටුවක් සඳුදා ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු පුපුරා ගිය බව ClickOrlando.com වාර්තා වේ.

මෙය උතුරු කොරියාවේ දෙවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවවන අතර, මේ හරහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වඩා හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා බහු චන්ද්‍රිකා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරුණි.

කෙසේ වෙතත් මෙලෙස ගුවන් ගතව සුළු කාලයක් ඇතුලත ඔත්තු චන්ද්‍රිකාව විනාශවීම උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බලාපොරොත්තු බිඳවැටීමක් ලෙස වාර්තා වේ.

මේ උතුරු කොරියානු අසාර්ථක දියත් කිරීම සිදු වූයේ දකුණු කොරියාව, චීනය සහ ජපානයේ නායකයින් වසර හතරකට වැඩි කාලයකට පසු ඔවුන්ගේ පළමු ත්‍රෛපාර්ශ්වික රැස්වීම වෙනුවෙන් සෝල් නුවරදී හමුවීමෙන් පැය කිහිපයකට පසුවයි.

නමුත් උතුරු කොරියාව, එහි ප්‍රධාන මිතුරා සහ ආර්ථික සහයකයාවන චීනය, කලාපය තුළ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වන විට, ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග ගැනීම අතිශය අසාමාන්‍ය බව විචාරකයන් පවසයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේ, උතුරු කොරියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව පළමු අදියරේ පියාසර කරමින් සිටියදී ගුවන්ගත වූ විගස එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් පුපුරා ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...