අලුත් කතාවක් ? ජනමත විචාරණයක්?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙන බවත්, අද (28) දින ඒ සඳහා වන යෝජනාව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ බවට තොරතුරු වාර්තා වේ.

අදාළ යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කරන ලෙසට වන අතර, මෙම අවස්ථාවේ දී ඇති හොඳම විකල්පය මෙය බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව පැවසේ.

ඔහු අවධාරණය කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය බවයි,

පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙය අත්‍යවශ්‍ය කරුණක් වන බවත් , ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...