අලුත් කතාවක් ? ජනමත විචාරණයක්?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙන බවත්, අද (28) දින ඒ සඳහා වන යෝජනාව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ බවට තොරතුරු වාර්තා වේ.

අදාළ යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කරන ලෙසට වන අතර, මෙම අවස්ථාවේ දී ඇති හොඳම විකල්පය මෙය බව පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව පැවසේ.

ඔහු අවධාරණය කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය බවයි,

පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙය අත්‍යවශ්‍ය කරුණක් වන බවත් , ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...