මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම ජනපති අතින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ (28) පැවැත්වුණු අතර, ඓතිහාසික මහියංගනය පුද බිම පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස්පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී සංඝ රත්නය වෙත පිරිනැමීම සිදුවිය .

තවද , ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, පූජා භූමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ආදි පිංකම් කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත හිමිගේ අනුශාසකත්වයෙන් එම පිංකම් සංවිධාන කර තිබූ අතර , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම ආගමික පුණ්‍යෝත්සවයට එක්ව සිටියේය.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...