ශ්‍රී ලංකාව කියන්නේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන ජාතිකත්වයන් ජීවත් වෙන රටක්.ඒ වගේම බෞද්ධ,හින්දු,කතෝලික, ඉස්ලාම් ආගම් පවතින රටක්.රටේ බහූතරය සිංහල ජාතිකත්වය වෙන අතර සිංහලයන්ගෙන් බහුතරය බෞද්ධයෝ.ඒ වගේම මේ ජාතිකත්වයන්වල සහ ආගම්වල ඉතිහාසය අවුරුදු දහස් ගණනක් පැරණියි.ඒ හින්දම ඒවා මත ගොඩනැඟුණු මහ සංස්කෘතීන් සහ උප සංස්කෘතිය ගණනාවක් අපේ රටේ තියනවා.මේ සංස්කෘතික අනන්‍යතා ඇතුලේ ජීවත් වෙන බහු ආගමික,බහු වාර්ගික රටක් බවට අපේ රට දැන් පත්වෙලා තියනවා.
මෙතනදී සිංහල බෞද්ධ සංස්කෘතියට හම්බ වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.ඒ බහුතර ජන කොට්ඨාශය සිංහල බෞද්ධ සංස්කෘතියත් එක්ක තියන බැදීමත් එක්ක.සිංහල බෞද්ධ සංස්කෘතියට පදනම වැටෙන්නේ බෞද්ධ දර්ශනයේ ආගමනයත් එක්ක. සිංහලයා සහ බුදුදහම අතර තියෙන්නේ ඓන්ද්‍රීය සම්බන්ධයක්. ඒ සම්බන්ධයේ එෛතිහාසික සම්බන්ධීකාරකයා බවට පත්වෙලා ඉන්නේ බෞද්ධ භික්ෂුව.ඒක නිසා භික්ෂු සංස්ථාව කියන්නේ ලාංකීය සමජයේ බලපෑම් සහගත ප්‍රබල ආයතනයක්.හික්ෂු සංස්ථාව විසින් සිංහල බෞද්ධ ජනතාවට කරන බලපෑම අති මහත් එකක්.ඒ බලපෑමෙන් සිංහල බෞද්ධ ජනතාව අයින් කරන්න බෑ.අයින් කරන්න ඕනිත් නෑ.සංඝ සමාජය කියන්නේ තවමත් සිංහල බෞද්ධයා මත යැපෙන එකක්. පන්සල හදන්නේ,දානේ ටික දෙන්න, පිරිකර ටික දෙන්නේ, හාමුදුරුවන්ගේ දුක සැප සියල්ල බලන්නේ සිංහල බෞද්ධයෝ. හැබැයි මොන දුෂ්කරතා තිබුණත් සිංහල බෞද්ධයා ඒ යුතුකම හරියට ඉෂ්ඨ කරනවා.
ඒක බරක් විදිහට සලකන්නේ නෑ. කොහොම උනත් දැන් කාලයක් තිස්සේ බෞද්ධ සමාජය,බෞද්ධ දර්ශනය සහ බෞද්ධ භික්ෂුව ගැන ලොකු සමාජ සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒක සංවාදය භික්ෂු සංස්ථාව ඇතුලෙත් තියනවා.අපේ හික්ෂු සංස්ථාව අතරත් බරපතල පරස්පර විරෝධතා තියනවා.අද තියන සමාජ පරිහානිය පන්සල දක්වාම ඇවිත් තියනවා.විවිධ අපචාරවලට,සමාජ විරෝධී ක්‍රියාවලට භික්ෂුවත් සම්බන්ධ වෙන අවස්ථා දැන් ඕනි තරම් තියනවා.සංඝ සංස්ථාව ගැන ජනතාවගේ තිබුණ ගෞරවය වේගයෙන් ඈත් වෙමින් යනවා. ඇත්තටම ඒකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනිත් භික්ෂුවම තමයි. අපේ රටේ ඉතිහාසය ඇතුලේ භික්ෂුව මහා කාර්යභාරයක් කළා. පහුගිය බෙදුම්වාදී යුද්ධයේ අවසානය වෙනකම් ඒ කාර්යභාරය කැපී පෙනුනා.ඉතිහාසය ඇතුලෙත් එහෙමයි.උඩරට ගිවිසුම අත්සන් කරලා මේ රට සුද්දන්ට පවා දෙනකොටත් ඊට එරෙහිව පෙරට ආවේ භික්ෂුවක්.ඒ වාරියපොල සුමංගල හාමුදුරුවෝ.
ලාංකා ඉතිහාසයේ වාරියපොල සුමංගල කියන්නේ ප්‍රබල වීර සන්නාමයක්.වීරත්වය විතරක් නෙවෙයි වීරයන් බිහි කරන්නත් භික්ෂුව මහා කාර්භාරයක් කරලා තියනවා.පුරන් අප්පු වගේ වීරයන්ට රැකවරණය දිලා තිබුණෙත් බෞද්ධ භික්ෂුවක්.අද භික්ෂු සංස්ථාවේ විවිධ පිරිහීම් තිබුණත් භික්ෂුවගේ ඓයිතිහාසික කාර්යභාරය තවමත් මේ සමාජය ප්‍රතික්ෂේප කරන්නේ නෑ.ඇත්තටම සමාජය ඉල්ලන්නේ පරමාදර්ශී භික්ෂුවක්.භික්ෂුවට කරන්න පුළුවන් සමාජ බලපෑම නිසා තක්කඩි දේශපාලනකයන් භික්ෂු සමාජයට කිට්ටු වුනා. මහජනතාවගේ දේපල හොරකම් කරන දේශපාලනඥයා පන්සලට සැලකුවා.කුඩු බිස්නස් කරන එකා තමයි පන්සල හදන්න වැඩියෙන්ම සල්ලි දෙන්නේ.අපේ සංඝ සංස්ථාවත් එහෙම හොරුන්ට, තක්කඩියන්ට ගෞරව සම්මාන දුන්නා.සංඝ සමාජයේ ඒ අඩුව අල්ලාගෙන තමයි ඔය ගොඩක් අය තමන්ගේ දේශපාලන ගමනට පාර කපා ගත්තේ.
ඒ වගේම මේ ඓයිතිහාසික සම්බන්ධයේ තවත් වටිනා පැත්තක් තියනවා.ඒ තමයි රට ගිලගන්න එන විවිධ බලවේගවලට සිංහල බෞද්ධකම කියන්නේ ලොකු ඇණයක්.සියල්ලටම ඉස්සෙල්ලා රටේ මුල් බැහැගෙන තියෙන සිංහල බෞද්ධ සංස්කෘතික පදනම විනාශ කරන්න කුමන්ත්‍රණකාරි බලවේග මැදිහත් වෙනවා.ඇත්තටම බෞද්ධ දර්ශනය කියන්නේ අද බොහොම අභාවාචක අද්දැකීමකට මුහුණ දෙන දර්ශනයක්.ඇතුලෙන් සහ පිටින් බෞද්ධ දර්ශනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. පහුගිය කාලේ සේපාලලා.ජෙරම්ලා, නතාෂලා ඉෂ්ඨ කළේ මේ එලියෙන් ඉදන් බෞද්ධ දර්ශනයට ගහන කුමන්ත්‍රණයේ කොටසක්.බෞද්ධ දර්ශනය පදනම් කරගත්ත සමාජ සංස්කෘතික ලක්ෂණ තියන රටකදී ඒ රිදවීම ඉතා තදින් සිංහල බෞද්ධයාට දැනෙනවා.නිකං හිතන්නකෝ අපේ උප්පැන්න සහතිකයේ තියෙන්නේ අපි සිංහල බෞද්ධ කියලා.පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියත් කට උත්තරය දෙනකොට ලියන්නේ සිංහල බෞද්ධ කියලා.
ඒක නිසා සිංහල බෞද්ධ භාවිතාවක් නැතත් ඒ සංස්කෘතික පදනම නියෝජනය කරන මිනිහෙක් මේ මහ පොලොවේ ඉන්නවා. මෙතන තියන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි.බෞද්ධ දර්ශනය ඇතුලෙන් හා පිටින් අවභාවිතා කරන්න ඕනි තරම් අය ඉන්නවා. හැබැයි බෞද්ධ දර්ශනයේ තියන යහපත් දේවල් සමාජ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක ගැටගහලා ඉදිරියට ගේන්න කවුරුත් නෑ. බෞද්ධ දර්ශනය ඇතුලේ බුදුන් කතා කරපු සියලු දේවල් සමාජයට හිතකරයි.සියලු ප්‍රශ්න විසදන්න ඒකෙන් බැරි වෙන්න පුළුවන්. හැබැයි බුදුන් සමාජයට කරලා තියෙන්නේ යහපත් යෝජනාවක්. බුදුන් කුලවාදය එකඟ වුනේ නෑ. වාර්ගිකත්වයන්ට එකඟ උනේ නෑ. බුදුන් ජාති කියලා හැදින්වුවේ ඉපදෙන සියලු සත්වයින්ට. දේශසීමා වෙන් කරගත්ත රටක් බුදුන්ට තිබුණේ නෑ.ඇත්තටම බුදුන්ගේ තිබුණේ විශ්වීය ප්‍රවේශයක්.ඒ බුදුන් කියන තැනට සමාජයේ දිශානතිය හරවන්න කවුද දැන් මැදිහත් වෙන්නේ.ඒක කරන්න ඕනි භික්ෂුව ඒ වගකීමෙන් පැනලා ගිහින්.
බෞද්ධ දර්ශනය අද එක්තරා කණ්ඩායමක යැපුම් මාර්ගයක් වෙලා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ වර්තමාන භික්ෂුව කිසිම සාධනීය දෙයක් කරන්නේ නෑ කියලා.එහෙම කරන හික්ෂුන් වහන්සේලා අතලොස්සක් ඉන්නවා. හැබැයි ඒක සමාජ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක බෞද්ධ දර්ශනය ගැට ගහන්න කොහොමවත්ම ප්‍රමාණවත් නෑ. අදත් උගත් බෞද්ධ භික්ෂුන් කරන්නේ මිත්‍යාව පතුරවමින් පාලකයන්ට ආවැඩීම නෙවෙයිද?කිසිම ලැජ්ජාවක් නැතිව කැලණි ගඟ පසා කරගෙන් ධාතු අරන් නාගලෝකෙන් නයෙක් ආවා කිව්වේ උගත්කමේ පරතෙරට ගිය භික්ෂුවක් නෙවෙයිද?එහෙම කිව්වේ තක්කඩි රාජපක්ෂලා බලයට ගේන්න නෙවෙයිද?එහෙම කලා කියලා අපි කියන්නේ සමස්ථ සංඝ සමාජයම කොන් කරන්න කියලා නෙවෙයි.බෞද්ධ දර්ශනය පදනම් කරගෙන සමාජයට සාධනීය පියවරයන් තියන්න පෙරට එන්න තවමත් හික්ෂුවට ඉඩක් තියනවා.ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් කරන්න හඩක් ඕනි.ඒක කරන්න හික්ෂු පරපුරක් ඉදිරිපත් වෙනවා නම් ඒකට සහය දෙන්න රටේ රාළ බලකාය ලෑස්තියි.
අවශ්‍ය වෙන්නේ බෞද්ධ දර්ශනය සමාජ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක ගලපමින් සමාජයට අවශ්‍ය මගපෙන්වීම කිරීමයි.ඒ වෙනුවෙන් පාලකයා එක්ක ගනුදෙනු කිරීමේ පූර්ණ අයිතිය භික්ෂුවට තියනවා. ඒක V8 වෙනුවෙන් කරන ගනුදෙනුවක් නෙවෙයි.ඇත්තටම ඒ වෙනුවෙන් කරන්න ඕනි ලොකුම කාර්යය වෙන්නේ බෞද්ධ දර්ශනය හරියට උගන්නන එක.බෞද්ධ සාහිත්‍යය ආගමක් බවට පත් කරලා අදහන්න,වඳින්න මිනිස්සු හදන එක නං නෙවෙයි.බුදුන් කිව්ව විදිහට බෞද්ධ දර්ශනය තර්කනය ඇතුලේ තේරුම් ගන්න පුළුවන් දියුණු සමාජයක් හදන එකයි.ඒක නොකරන තාක් බෞද්ධ සාහිත්‍යයේ මිත්‍යාව විසින් හදපු කතා පාව්චි කරගෙන අසමසම බෞද්ධ දර්ශනයට ගහන සේපාලලා, ජෙරම්ලා,නතාෂලා තව තවත් හැදෙයි.ඒ අයට අනිත් පැත්තට පහර දෙන්නත් බෞද්ධයෝ ඕනි තරම් හිටී.ඒත් ඔය දෙකෙන්ම බුදුන් කියපු විදිහට මෙලොවටත්, පරලොවටත් කිසිම යහපතක් නම් වෙන්නේ නෑ.වෙන්නේ විනාශයක් විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
