වරාය නගරය නරඹන්නට ගිය IMF නියෝජිතයෝ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට  එක් වුණු, ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්
එම පිරිස අදාළ ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළ අතර ආයතන මගින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එහිදී , අදාළ මෙහෙයුම් කටයුතු ආකර්ෂණීය ලෙස සිදු වෙමින් පවතින බව IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසා ඇත.

එමෙන්ම කොළඹ වරාය නගරයේ සංචාරයකට එක් වූ එම පිරිස විදේශ ආයෝජකයන් සඳහා රටේ පවතින නීති රාමුව සහ සහනදායි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවදානය යොමු කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...