කපිල චන්ද්‍රසේනගේ නඩුවේ නීතිඥවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන දෙදෙනා කැඳවන ලෙස සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ උදාර මුහන්දිරම්ගේ යන දෙදෙනා සාක්ෂි ලබා දිය යුතුද යන්න පිළිබඳව අද නියෝගයක් ලබා දීමට නියමිතව තිබුණි.

පෙර දිනයේදී, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ උදාර මුහන්දිරම්ගේ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ තවත් නීතිඥවරුන් කිහිප දෙනෙකු මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දීම සඳහා 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය දැයි මහේස්ත්‍රාත්වරයාට සලකා බැලිය හැකි බව ඉදිරිපත් කළහ.

මෙම සලකා බැලීමෙන් පසුව, මහේස්ත්‍රාත්වරයා 19 වන සහ 20 වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා කැඳවන ලෙස නියෝග කළ අතර ජුනි 5 වන දින පෙනී සිටින ලෙස ඔවුන්ට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) ඔවුන්ට සිතාසි නිකුත් කළේය. තවද, මරණකරුගේ ජංගම දුරකතනය FBI හරහා අමෙරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා පියවර ගනිමින් සිටින බව කොළඹ කොට්ඨාසය අද අධිකරණය හමුවේ දන්වා සිටියේය. එහිදී මරණකරුගේ නිවසේ තිබී හමුවූ කොල පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත වැවීම සඳහාද එම කොට්ඨාසය කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...