ඩොනල්ඩ් ට්‍රම්ප් නිතියෙන් වරදකරු වීමත් සමඟ ඔහු පිටුපස බිලියනපතියන් පෙළ ගැසේ

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා නිව්යෝක් අධිකරණය විසින් ඉතිහාසයේ මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනාවන් 34කට වරදකරු ලෙස තීන්දු කිරීමත් සමඟ අතිශය ධනවත් රිපබ්ලිකන් පරිත්‍යාගශීලීන් ඔහු පිටුපසින් පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඊශ්‍රායල-ඇමරිකානු කැසිනෝ ප්‍රකෝටිපතියෙකු වන මිරියම් ඇඩෙල්සන් ඩොලර් මිලියන 90කට වඩා ආධාරයක් කරනු ඇතැයි තොරතුරු වාර්තා කෙරෙන අතර සිලිකන් නිම්නයේ ආයෝජකයෙකු වන ඩේවිඩ් සැක්ස් සහ සෙසු ආයෝජක චමත් පලිහපිටිය, සැන් ෆ්‍රැන්සිස්කෝ හි ට්‍රම්ප් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඩොලර් 300,000ක් පමණ ඉන් බලාපොරොත්තු වේ.

තවත් විශාල පරිත්‍යාගශීලියකු ලෙස සැලකෙන හෙජ් අරමුදල් කළමනාකරු බිල් ඇක්මන් මෙන්ම වඩාත් ප්‍රකට ප්‍රකොටිපතියකු වන බ්ලැක්ස්ටෝන් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ෂ්වාස්මන්ගේද සහය ට්‍රම්ප්ට ලැබෙනු ඇත.

මෙතෙක් ට්‍රම්ප් පිටුපසින් සිට සිය සහයෝගය ලබා දී ඇති අනෙකුත් ප්‍රමුඛ ප්‍රකෝටිපතියන් අතර හෙජ් අරමුදල් නිර්මාතෘ ජෝන් පෝල්සන් සහ රොබට් මර්සර් මෙන්ම ෆ්‍රැකින් පුරෝගාමී, හැරල්ඩ් හැම් සහ කැසිනෝ මොගල් ස්ටීව් වින් ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...