ආණ්ඩුවට 2/3ත් නැති වෙලාවේ කලබලෙන් විදුලිබල පනත සම්මත කරන්න හැදුවොත් බලාගමු – විපක්ෂ නායක

කොළඹ LNW:කතානායකයරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ යෝජනා සම්බන්ධයෙන් සමස්තයක් ලෙස ගත් කළ මේ පනතේ බරපතල ගැටලු ඇති බවක් පෙනෙන්ට තිබෙන බවත් ඒ නිසා 2/3කට යා යුතු වුවත් වත්මන් රජයට 2/3ක් නොමැති නිසා කලබලයට බ්‍රහස්පතින්දාම මෙම පනත නොගෙන අධිකරණය ඉදිරිපත් කරන ලද යෝජනා විධිමත්ව පරිශීලනය කර යහපත් ලෙස ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා විසින් විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සම්බන්ධ අවබෝධයක් ලබා ගෙන මෙරට ජනතාවට අඩුම මිලකට කාර්යක්ෂමව විදුලිය සැපයීම හා විදුලි බල ක්ෂේත්‍රය පාඩු නොලබා යා හැකි ප්‍රශස්ත ක්‍රමවේදයක යන ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මෙම අඩුපාඩු මඟහරවා ගත යුතු නිසා මෙය බ්‍රහස්පතින්දා නොගෙන තවදුරටත් පරිශීලනය කර කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම තමාගේ බ්ලූ ප්‍රින්ට් ආර්ථික සැලසුම තුළ විකුණා දැමීම් ගැන සදහන් නොමැති වුවත් මෙරට පාරිභෝගිකායට අඩුම මිලකට අඩුම පිරිවැයකට සාධාරණ ක්‍රමවේදයක් තුළ විදුලිය සැපයීමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය. එබැවින් අනීතිකිව මෙම පනත සම්මත කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පරාජය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...