අලුත් අවුරුද්දේ ජනතාව තෙල් පෝලිමේ තබා සිදුකළ ඉන්ධන ජාවාරම හෙළිවෙයි! (VIDEO)

Date:

විශේෂයෙන් පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා වන කාලය තුළ රට තුළ පැවති දැඩි ඉන්ධන හිඟය ව්‍යාජ හිඟයක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

ඉන්ධන ලීටර ලක්ෂ 4ක් පමණ ඉන්ධන පිරවුම්හල් වෙත නොයවා ව්‍යාජ ආයතන වෙත නිකුත් කර ජාවාරමක් සිදුකර තිබෙන බවයි ඔහු අද (04) හෙළිදරව් කළේ.

එම ඉන්ධන තොගය සාමාන්‍ය පිරවුම්හල් 50කට 60කට බෙදා හැරීමට තිබුණු අතර එලෙස සිදු වූවා නම් එදා ජනතාව එලෙස අසීරුවට පත්නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර සාමාන්‍ය දිනකදී ඉන්ධන ප්‍රවාහන සඳහා ටැංකි රථ 250 -300 ක ප්‍රමාණයක් සේවයට වාර්තා කළද එය මේ වන විට 100 – 150ක් දක්වා අඩු වී ඇති අතර ඊට හේතුව ඇනවුම් ප්‍රමාණයේ අඩුවක් බව හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් වෙතින් අවශ්‍ය පරිදි ඇනවුම් සිදුකළද සංස්ථවෙන් නිකුත් කරන ප්‍රමාණයේ අඩුවක් සිදුවීම ඊට හේතුව බවයි සිල්වා මහතා කියාසිටියේ.

රට තුළ පවතින ඉන්ධන තොගවල අඩුව නිසා එවැනි තීරණයක් ක්‍රියාත්මක විය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

ඒ අනුව මේ වන විට 50%කින් 60%කින් ටැංකි වෙත ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අඩු වී ඇත.

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් සොයා ගැනීමේ අපහසුවක් පවතින අතර වසරකට පොහොර ආනයන සඳහා ඩොලර් මිලියන 600ක් වය වෙද්දී ඉන්ධන ආනයනය සඳහා මාසයකට ඩොලර් මිලියන 500ක් පමණ අවශ්‍ය වන බව අගමැතිවරයා සමඟ පැවති සකච්ජාවේදීද කියවුන බවයි සිල්වා මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...