සිකුරාදා නිවාඩු ගන්න රාජ්‍ය සේවකයන්ට ගෙවතු වගාව අනිවාර්ය කරයි

රජයේ වියදම් අවම කර ගැනීම සඳහා සතියට දින 04 ක් පමණක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේ තීරණය මේ වනවිටත් ක්‍රියාත්මක වේ. කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සේවකයන්ට සිකුරාදා නිවාඩු ලබා දී ඇති අතර තවත් ආයතන කිහිපයක අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර සිකුරාදා නිවාඩු ගන්නා රාජ්‍ය සේවකයන්ට ගෙවතු වගාව අනිවාර්ය කිරීමේ සූදානමක් තිබෙනවා. මේ හරහා ඉදිරියේදී මුහුණදීමට නියමිත ආහාර අර්බුදයට යම් විසඳුමක් ලබා ගැනීමටයි රජය සූදානම් වන්නේ.

මේ සඳහා යොමුවන රාජ්‍ය සේවකයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ ගෙවතු වගාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. වගාව සඳහා අවශ්‍ය ඉඩම් නොමැති රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා ඉඩම් ලබාදීමටද යෝජනා වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...