ඇප මත සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට වරෙන්තු!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 , කොළඹ (LNW):

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදා හැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර ඇත.

අද (07) දින මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ කැදවූ අතර, එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කෙරුණි.

2019 ඔක්තෝම්බර් 24 වනදා කොළඹ දී සිදුකළ උද්ඝෝෂණයකට අදාළව කොටුව පොලිසියයි චෝදනා ගොනු කර තිබූ අතර, ඔක්තෝම්බර් 25 වනදා මෙම නඩුව යළි කැදවීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...