*
Saturday, December 14, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට හෙට සිට වැදගත් පාපන්දු තරග දෙකක් බෘනායි හී දී

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 07, කොළඹ (LNW): ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වන විට සිටින්නේ බෘනායි දේශයේ.ඒ ජාත්‍යන්තර සුහද පාපන්දු තරග දෙකකට සහභාගි වීමට එහි ගොස් ඇති නිසයි.ඉතිහාසය ගත්තම බෘනායි සහ ශ්‍රී ලංකාව අතරින් හැමදාම ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.


එහෙත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පාපන්දුවේ කඩා වැටීමත් සමඟ කලෙකින් මුණ නොගැසි ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා ලෝකයට ගොස් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පියවර ගණනක් ඉදිරියෙන් සිටින අයුරෙන්ය.ඒ අනුව 194 වන තැන බෘනායි පසුවද්දී ශ්‍රී ලංකාව සිටින්නේ 204 වන තැනය.


එහෙත් මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ ලේ උරුමය සහිත විදේශීය රටවල වෘත්තීය මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කරන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය උසස් වී ඇත.මේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක විවේචනයක් නැති අතර වඩාත් දක්ෂ තමන්ගේ උරුමයට ඉඩ සැකසීම ශ්‍රී ලංකාව පැත්තෙන් සිඳු වී ඇත.එය සාමාන්‍ය තත්ත්වයක් වන අතර මේ වන විටත් බෘනායි හී නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුහුණු අධ්‍යක්ෂවරිය ලෙස වැඩ කරන්නේ ශ්‍රී ලංකාවේ තිලකා ජිනදාය ය.


ජාත්‍යන්තර වශයෙන් හැකියාව සහ දැණුම ප්‍රයෝජනයට ගන්නා ක්‍රීඩා පරිසරයක,ශ්‍රී ලංකාව සිය ලේ නෑයන්ගේ හැකියාව සහ දැණුම උපයෝගී කර ගැනීම ගැටළුවක් නොවන අතර ඒ හරහා රට ඇතුළත පවතින ක්‍රීඩාවේ ගුණාත්මක අගය පෝෂණය කර ගැනීම සහ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමේ අභියෝගය ජයගැනීමට කළමණාකරණය බුද්ධිමත් සහ සැළසුම් සහගත විය යුතුය.


කෙසේ හෝ කලකට පසුව බෘනායි සමඟ ගැටෙන ශ්‍රී ලංකාවට අතීත පෞඩත්වය රැක ගැනීමට විශාල සටනක් දිය යුතුව ඇත.විශේෂයෙන් වනාටු කණ්ඩායම 3-2 න් පරාජය කරමින් ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල සිටි 170 ස්ථානය 172 දක්වා පහතට ගෙන ඒමට සමත්ව සිටින බෘනායි කණ්ඩායම මේ මොහොතේ සිටින තත්ත්වය පාලනය කර,ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට කණ්ඩායම් සාමාජිකත්වය තුළ තිබෙන වෘත්තිමය ගුණාංගවල ඉහළ මට්ටමේ සංකලනය අතිශයින් වැදගත් වෙනවා ඇත.එසේම හුදෙකලාව ඒවා ප්‍රයෝජනයට ගැනීම වෙනුවට කණ්ඩාටම් ක්‍රීඩාවකදී ඒවා සාමූහිකව භාවිතා කිරීමට අවශ්‍යය බුද්ධිමය පසුබිම සහ ක්ෂණිකව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව හෙට ශ්‍රී ලංකාව,බෘනායි හමුවේ ජය ගන්නේනම් බලපාන ප්‍රධානතම සාධකය වනු ඇත.


හෙට (8) මෙන්ම 11 වන දා පැවත්වෙන තරගය ද සුහඳ නාමය යටතේ පැවත්වෙන තරග වුව ද,ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතයට බෙහෙවින් වැදගත් තරග දෙකක් හැටියට ගත හැකිය. ඒ නිසා 8 සහ 11 යන දෙදිනම බෘනායි හී හසනාල් බොල්කියාහ් ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ පාපන්දුවේ නව ජවය පරික්ෂාවට භාජනය කරන සුවිශේෂි හෝරාවන් කිහිපයක් වනු ඇත.මේ සමඟ තරගාවලිය නියෙජෙනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායාරූපයක් සහ කණ්ඩායම සහ එරට තරග පැවත්වෙන් ස්ථානය සහ වේලාව දක්වා ඇති සටහනක් ද ජායාරූප අනුසාරයෙන් ඉදිරිපත් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan