*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඩොලර් අර්බුදයෙන් රට ගොඩගන්න ධම්මික පෙරේරාගේ උපාය මාර්ගික සැලසුම් 12

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින උඝ්ර විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රධාන උපාය මාර්ගික සැලසුම් 12ක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඩොලර් ඉපයීමේ උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලස්ම ඔස්සේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 4000 සිට ඇමරිකානු ඩොලර් 12000 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.


ඩොලර් ඉපැයීමේ උපාය මාර්ග

ප්‍රධාන උපාය මාර්ගික සැලසුම් 12ක් මඟින් වසරකට ඩොලර් බිලියන 8 ක අමතර විදේශ විනිමය ගලා ඒමක් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්ම.
මෙම උපාය මාර්ග 12 සඳහා රජයට අතිරේක ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදු නොවේ.

  1. වසර 5 ක් ඇතුළත විදේශ මුදල් බැංකු තැන්පතු ඩොලර් බිලියන 5 කින් වැඩි කිරීම.

● ශ්‍රී ලංකාව තුල වසර 10ක් සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක් බැංකු වල තැන්පත් කරන විදේශ පුරවැසියන් සඳහා වසර 10 ක නේවාසික වීසා බලපත්‍රයක් නිකුත් කල යුතුය.

● මෙම යෝජනා ක්‍රමය ආරම්භ කළහොත් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5ක විදේශ මුදල් තැන්පතු උත්පාදනයක් කිරීමට හැකියාව ලැබේ.

● මෙම ඩොලර් බිලියන 5 ක විදේශ විනිමය ඉලක්ක සපුරා ගැනීම සඳහා නේවාසික වීසා බලපත්‍ර 50,000ක් නිකුත් කළ යුතු අතර, එබැවින් සෑම වසරකම නේවාසික වීසා බලපත්‍ර 10,000ක් නිකුත් කළ යුතුය.

● එමගින්, ඉහත යෝජනා ක්‍රමය ආරම්භ කිරීමෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක විදේශ මුදල් තැන්පතු සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබේ.

● මීට අමතරව, විදේශ මුදල් බැංකු ගිණුම් විවෘත කිරීම මෙන්ම අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කල යුතුය.

  1. සංචාරක ආදායම 10%කින් වැඩි කිරීම සඳහා සංචාරක වීසා බලපත්‍ර වල වලංගු කාලය මාස 6ක් දක්වා දීර්ඝ කිරීම.

● මාසයක වලංගු කාලයක් සහිත සංචාරක වීසා බලපත්‍රයක් වෙනුවට මාස හයක වලංගු කාලයක් සහිත සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට අවසර ලබා දිය යුතුය.

● මාස හයක සංචාරක වීසා බලපත්‍රයක් හඳුන්වා දීම මගින් වසරකට ඩොලර් බිලියන 4.5 ක ඇස්තමේන්තුගත සංචාරක ආදායම 10% කින්, එනම් අතිරේක සංචාරක ආදායම ඩොලර් මිලියන 450කින් වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

  1. විදේශයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් හේතුවෙන් දැනට මෙරටින් ගලා යන ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක විදේශ විනිමය 20% කින් අඩු කිරීම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉතිරි ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව, ලංකාවට ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක විදේශ විනිමය උපාය ගැනීමටද හැකියාව ලැබේ

● දැනට වසරකට නවක සිසුන් 35,000ක් උසස් අධ්‍යාපනය සඳහා රට හැර යති. ඊට අමතරව සිසුන් 70,000 ක් දැනටමත් විදේශ විශ්වවිද්‍යාලවල දෙවන හෝ තුන්වන වසරේ සිසුන් ලෙස උසස් අධ්‍යාපනයේ නියැලී සිටිති.

● ශ්‍රී ලාංකික සිසුන් 105,000 ක් ඔවුන්ගේ අධ්‍යන අරමුණු සඳහා විදේශ අධ්‍යාපනය තෝරාගෙන ඇති බැවින් ඒ තුලින් වසරකට ඩොලර් බිලියන 2.5 ක විදේශ විනිමය ගලා යාමක් සිදු වේ.

● ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක විදේශ විනිමය පිටතට ගලායාම 20% කින් අඩු කිරීමට සහ වැඩි වශයෙන් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත යුතුය.

අ) NSBM, SLITT සහ E-Soft වැනි දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිතව ස්ථාපිත කල යුතු අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස අවශ්‍ය පිළිගැනීම ලබා දීම.

ආ) නව පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතන සහ දැනට පවතින කුඩා ධාරිතාවකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාප්ත කිරීම සඳහා බදු සහන/විරාම සහ වෙනත් දිරිගැන්වීම් ලබා දීම.

ඇ) ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගෝලීය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම.

ඈ) විදේශීය සිසුන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර අධ්‍යාපන උපාය මාර්ග ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු අතර ඒ යටතේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ලෙස තෝරා ගැනීම සඳහා විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට “Study in Sri Lanka” නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීම.

ඉ) “Study in Sri Lanka” වැඩසටහන හරහා විදේශීය සිසුන් 35,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා අවශ්‍ය ඉලක්ක ලබා දීම. මෙමඟින් දේශීය සිසුන් 35,000ක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ රට වලට යාම හේතුවෙන් මෙරටින් ගලායන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක විදේශ විනිමය පිටතට ගලායාම අවම කෙරේ.

*මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම මඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉතිරියක් ලබා ගත හැක.

  1. විදේශීය ශිෂ්‍යයන්ගෙන් ලබා ගන්නා ගාස්තු මඟින් විදේශ විනිමය ඉපයීම සහ ජාත්‍යන්තර අධ්‍යාපන ආදායම වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍රයක් හඳුන්වා දීම.

● NSBM, SLITT, CINEC, E-Soft, Horizon සහ IIT වැනි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට වසර 3 සිට 4 දක්වා වන ශිෂ්‍ය වීසා මත පදනම්ව ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමට අවසර ලබා දිය යුතුය.

● ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් විසින් නිකුත් කරනු ලබන ගෝලීය ශිෂ්‍ය වීසා බලපත්‍රවල හොඳම භාවිතයන් අනුගමනය කරමින්, මාර්ගගත (අන්තර්ජාලය ඔස්සේ) ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.

● මේ හරහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් 35,000 මඟින් මෙරටින් ගලායන ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ට විසඳුමක් ලෙස ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 35,000 ක් නිකුත් කළ යුතුය.

  1. වසර 10 ක සැලැස්මක් මඟින් විදේශ සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 7 (කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර පැවති) සිට ඇමරිකානු ඩොලර් බිලියන 24 දක්වා වැඩි කිරීම.

• සංක්‍රමණික සේවකයින් විසින් මාසිකව ලංකාවට එවනු ලබන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 290 සිට ඇමරිකානු ඩොලර් 1,000 දක්වා වැඩි කිරීම.

● කොවිඩ් වසංගතය ඇති වීමට පෙර, සංක්‍රමණික සේවකයන් මිලියන 2ක් සාමාන්‍යයෙන් මාසිකව ඇමරිකානු ඩොලර් 290ක් ඔවුන්ගේ මෙරට ජීවත් වන පවුල්වලට එවනු ලදී.

අ) මාසිකව එවනු ලබන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 290 සිට ඇමරිකානු ඩොලර් 1,000 දක්වා වැඩි කිරීම සඳහා ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන විදේශ රටවල් 10ක් ඉලක්ක කර ගනිමින් නුපුහුණු ශ්‍රම බලකායට අවශ්‍ය සුදුසුකම් සහ පුහුණුව ලබා දිය යුතුය. මෙය ක්‍රියාවට නැංවීමත් සමඟ ශ්‍රී ලංකාවට වසර 10ක කාලයක් තුළ වසරකට ඩොලර් බිලියන 24ක විදේශ සේවක ප්‍රේෂණ උපයා ගත හැක.

ආ) මෙරටින් විදේශ සේවයන්හි රැකියා සඳහා පිටත්ව යන සේවක සංඛ්‍යාව, කොවිඩ් 19 වසංගතයට පෙර වසරවලට සාපේක්ෂව අඩු වී ඇත. එයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් පිටවන විදේශ ශ්‍රමිකයින් සංඛ්‍යාව වැඩි කිරීමට සහ වත්මන් අභියෝග හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීම.

ඇ) ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා එක් විදේශ රටකට එක් ටෙලිග්‍රෑම් කණ්ඩායමක් බැගින් පවත්වාගෙන යාම

I. වෙනත් රටවල සේවය කරන/සේවය කල සියලුම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට අදාළ රටේ ටෙලිග්‍රෑම් කණ්ඩායමට සම්බන්ධ වීමට ආරාධනා කල යුතුය.

II. මෙම කණ්ඩායමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අවස්ථා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඉහත අංශවල අදහස් සහ යෝජනා එකතු කිරීමයි.

III. මෙම අදහස් හා යෝජනා එක්රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කණ්ඩායමක් පත් කළ යුතුය.

IV. වත්මන් අභියෝග විසඳීමට/විසඳුම් සෙවීමට හෝ මෙම අංශය දියුණු කිරීමට විවිධ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සතිපතා රැස්විය යුතුය.

V. හඳුනාගත් අභියෝග සහ එම අභියෝගවලට ලබා දෙන විසඳුම් සමඟ මෙම කණ්ඩායම සතිපතා විදේශ රැකියා අමාත්‍යවරයා වෙත වාර්තා කළ යුතුය.

ඈ) ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතන විසින් විදේශ රැකියා අමාත්‍යවරයා සමඟ ඔවුන් ශ්‍රී ලංකාව සඳහා ලබාගෙන ඇති විදේශ රැකියා සංඛ්‍යාව පිළිබඳව මාසික කාර්ය සාධන සමාලෝචන රැස්වීමක් පැවැත්විය යුතුය.

ඈ) විවිධ රටවල සිටින සියලුම ශ්‍රී ලාංකික විදේශ දූත මණ්ඩල (තානාපති කාර්යාල/කන්සියුලර් කාර්යාල ) සඳහා ඔවුන්ගේ වෙසෙන රටේ හෝ නගරයේ වැඩිම ඉල්ලුමක් සහ ඉහළම වැටුප් ලබන රැකියා මොනවාදැයි සොයා ගැනීමට සහ එම තොරතුරු බෙදා ගැනීමට වැඩසටහනක් ආරම්භ කිරීම. ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් එම රටවල හෝ නගරවල (ගමනාන්තයන්හි) ස්ථානගත කිරීමට සහතික වීම.

● එම රැකියා සඳහා, ගෝලීය වශයෙන් හොඳම විෂයමාලා අනුගමනය කරමින් ඉගැන්වීම් සහ පුහුණු කිරීම් සිදු කල යුතුය.

ඉ) සංක්‍රමණික සේවකයින්ගේ පුහුණුව සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා තවත් ටෙලිග්‍රෑම් කණ්ඩායමක් පවත්වාගෙන යාම.

● සියලු දෙනාටම ප්‍රවේශ වීමට සහ බෙදා ගැනීමට හැකිවන පරිදි පුද්ගල සංවර්ධනය, චර්යා පුහුණුව, සනීපාරක්ෂක පිළිවෙත්, භාෂා පුහුණු අවස්ථා සහ පාරිභෝගික සේවා යනාදී විෂයයන් පිළිබඳ කෙටි වීඩියෝ නිර්මාණය කල යුතුය.

ඊ) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් හට ලබා දෙන විදේශ රැකියා ප්‍රමාණය ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතනවලට රජයේ අනුග්‍රහයෙන් වැඩමුළු පැවැත්වීම.

උ ) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ප්‍රවේශ වීම සඳහා ගෝලීය රැකියා වෙළඳපලේ දැනට පවතින රැකියා අවස්ථා පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවියක් ආරම්භ කිරීම.

ඌ) ඇමරිකානු ඩොලර් බිලියනයක සේවක ප්‍රේෂණ උපයා ගැනීම සඳහා දැනට පවතින වැඩිහිටි සත්කාරක සහායක (Eldercare Assistant) වෘත්තීය වැඩසටහන සංවර්ධනය කිරීම සහ එම වෘත්තීය වැඩසටහන මඟින් වැඩිහිටි සත්කාරක සහායක වෘත්තීයට අදාල සංක්‍රමණික සේවකයින් සංඛ්‍යාව වැඩි කිරීම.

● තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සහ පෞද්ගලික අංශය එක්ව යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් වැඩිහිටි සත්කාරක සහායකයින් ලෙස සංක්‍රමණික සේවකයන් 100,000ක් බිහි කිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කළ යුතුය.

● සංක්‍රමණික සේවකයා සඳහා ඇමරිකානු ඩොලර් 1,200 හෝ ඊට වැඩි මාසික වැටුපක් ඉලක්ක කර ගනිමින් අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුය. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVET) වැඩිහිටි සත්කාර සහකාර පුහුණු වැඩසටහන යටතේ මාස 3ක් ඇතුළත අවසන් කළ හැකි කෙටි පාඨමාලා හඳුන්වා දිය යුතුය. උදාහරණයක් ලෙස, මොරටුව විශ්ව විද්‍යාලය සහ DP අධ්‍යාපන ආයතනය විසින් පුහුණු අභ්‍යාසලාභීන් පිළිබඳ ” Full Stack Development” නමින් නොමිලේ මාර්ගගත (Online) පාඨමාලාවක් දියත් කරන ලදී. එම පාඨමාලාවට ප්‍රවේශ විය හැකි වෙබ් අඩවිය: https://open.uom.lk

● ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතා ඇති උසස් පෙළ ජීව විෂය ධාරාවේ සිසුන් හට මෙම වැඩසටහන භාවිත කල හැක.

● ඇමරිකානු ඩොලර් 1,200 ක මාසික වැටුපක් ලැබිය හැකි වැඩිහිටි සත්කාරක සහයකයින් 100,000 ක් බිහි කළහොත්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1 විදේශ විනිමය ප්‍රේෂණ උපයා ගත හැක.

එ) රෝගී සත්කාරක සහායකයින්, කෙටුම්පත් කරන්නන්, ගඩොල් කපන්නන්, වායුසමීකරණ සහ යාන්ත්‍රික සේවා, ජලනල කාර්මික ශිල්පීන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් වැනි ඉල්ලුම ඇති අනෙකුත් සියලුම විදේශීය රැකියා හඳුනාගෙන එම ඉල්ලුමට සරිලන රැකියා ඉලක්ක කරගනිමින් පවතින TVET විෂයමාලා නිර්මාණය හෝ යාවත්කාලීන කිරීම.

• මෙම ප්‍රමිතීන් හඳුන්වා දීමේදී අවධානය යොමු කලයුතු ප්‍රධාන අංශ වන උස – බර සමානුපාතික බව, වයස, ඇස් පෙනීම සහ සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුවත් කිරීම වැනි ශාරීරික හා වෛද්‍ය ප්‍රමිතීන් සහිත සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සංචිතයක් නිර්මාණය කිරීම.

ඒ) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලුම සේවාවන්, එනම් විදේශ ගමන් බලපත්‍ර සේවා, පිටත්වීමට පෙර සිදු කරනු ලබන අනුමැතිය ලබා දීම් සහ ණය පහසුකම් වැනි සංක්‍රමණික සේවකයන් සඳහා වන සේවාවන් සහ බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම වැනි බඳවා ගැනීමේ නියෝජිතායතන සඳහා වන සේවාවන් සඳහා දිස්ත්‍රික්ක 24 තුළම “බහු සේවා සපයන ” මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
• ඊට අමතරව, “බහු සේවා සපයන” මධ්‍යස්ථානය හරහා දිස්ත්‍රික්ක 24ටම පහත සේවාවන් සැපයිය යුතුය.
I. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන්.
II. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන්.
III. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සපයනු ලබන කොන්සියුලර් සේවා ඇතුළු සේවාවන්.
IV. පොලිස් සහ අධිකරණ වෛද්‍ය වාර්තා ඇතුළුව පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන්.
V. EPF, ETF සහ අනෙකුත් අරමුදල් ආපසු ගැනීම ඇතුළුව කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන්.
VI. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන්
VII. නීතිය හා අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවාවන්.

ඒ) ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයින් හට රැකියා සොයා ගැනීම සඳහා වෙනත් රටවල රැකියා නියෝජිතායතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

● ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ඉතිරියක් ලබා ගත හැක.

  1. සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම

● බදු විරාම සහ අනෙකුත් දිරිගැන්වීම් හඳුන්වා දීමෙන් කලාපීය තරඟකාරිත්වය වැඩි කල යුතුය.

● පහත සඳහන් ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
අ) ගෝලීය නවෝත්පාදන දර්ශකය
ආ) දූෂණ පිටුදැකීමේ දර්ශකය
ඇ) ගෝලීය තරඟකාරීත්ව දර්ශකය

  1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ඉපැයීම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් උත්පාදනය කිරීම.

● දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල සතුව පවතින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ඉංජිනේරු සහ ක්‍රමලේඛන (programming) උපාධි පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා භාවිතා කිරීමට සහ ඔවුන්ගේ සිසුන් සඳහා බාහිර උපාධි ලෙස පිරිනැමීමට ඉඩ සැලසිය යුතුය. සෑම මාස 6 කට වරක්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් විභාග පැවැත්විය හැකි අතර එමඟින් වසර 5 ක කාලයක් තුළ සිසුන් 500,000 ක් අධ්‍යාපනය ලබා තොරතුරු තාක්ෂණ කර්මාන්තයට පිවිසිය යුතුය.

I. උදාහරණයක් ලෙස, මොරටුව විශ්ව විද්‍යාලය සහ DP අධ්‍යාපන ආයතනය විසින් පුහුණු අභ්‍යාසලාභීන් පිළිබඳ ” Full Stack Development” නමින් නොමිලේ මාර්ගගත (Online) පාඨමාලාවක් දියත් කරන ලදී. එම පාඨමාලාවට ප්‍රවේශ විය හැකි වෙබ් අඩවිය: https://open.uom.lk

● සිසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල ද ඔවුන්ගේ ICT ආශ්‍රිත පාඨමාලා 10 ගුණයකින් මාර්ගගතව (online) ලබා දිය යුතුය. මෙමඟින් සිසුන් විශාල සංඛ්‍යාවකට ICT සුදුසුකම් ලබා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

● එහි ප්‍රතිඵලයක් වශයෙන්, ICT ආශ්‍රිත ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ළඟා කර ගත හැක.

● ඉහත සඳහන් යෝජනා ආරම්භ කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 750 ක අතිරේක ඉපැයීමක් ලබා ගතහැකි වේ.

  1. ඇමරිකානු ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට අඩු වියදම් (Budget) ගුවන් සේවා මධ්‍යස්ථාන පිහිටුවීම

● තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල සංචාරක පැමිණීම් වලින් 50% ක් අඩු වියදම් (Budget) සහිත ගුවන් ගුවන් යානා මඟින් පැමිණේ.

● ශ්‍රී ලංකාවේ හෝටල් කාමර 80,000 න් තරු 5 හෝ 4 හෝ ඕනෑම තරු කණ්ඩයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ හෝටල් කාමර 30,000 ක් පමණි. ඉතිරි හෝටල් කාමර 50,000 අඩු වියදම් (Budget) නවාතැන් කාණ්ඩයට අයත් වේ.

● අඩු වියදම් සහිත ගුවන් සේවා මධ්‍යස්ථාන වලින් ඇමරිකානු බිලියන 2ක් උපයා ගැනීම සඳහා, පහත සඳහන් ක්‍රියාමාර්ග ආරම්භ කල යුතුය

අ) රත්මලාන සහ මත්තල ගුවන් තොටුපල ජාත්‍යන්තර අඩු වියදම් (Budget) සහිත ගුවන් සේවා මධ්‍යස්ථාන බවට පත් කල යුතුය.

ආ) අඩු වියදම් සහිත ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි කිරීම සඳහා පහසුකම් සැලසීම මඟින් අඩු වියදම් (Budget) ගුවන් සේවා (අඩු වියදම් ගුවන් යානා) ආකර්ෂණය කර ගත යුතුය.

● ඉහත ක්‍රියාමාර්ග ආරම්භ කිරීමත් සමඟ අතිරේක සංචාරකන් මිලියනයක් පැමිණීම් අපේක්ෂා කළ හැකිය. මෙමඟින් ඩොලර් බිලියන 2 ක ඉපැයීමක් ලැබෙනු ඇත.

ඇ) දේශීය ගුවන් සේවා (රට තුල ක්‍රියාත්මක වන ) පිහිටුවීම දිරිමත් කිරීම.

ඈ) ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ මහනුවර දිගන යන ප්‍රදේශවල දැනට පවතින ගුවන් තොටුපළවල් පහත සඳහන් ක්‍රියාමාර්ග ආරම්භ කිරීමෙන් දේශීය ගුවන් යානා විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත හැක.

I. ගොඩබෑම, ගුවන්තොටුපල සේවා සහ නැවැත්වීමේ ගාස්තු සංශෝධනය කර දේශීය ගුවන් සේවා සමාගම් වලට දැරිය හැකි පරිදි එම ගාස්තු අඩු කිරීම.

II. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සෑම කෙළවරක් දක්වාම ව්‍යාප්ත වනු ඇත.

● ඉහත සඳහන් කළ ක්‍රියාමාර්ග හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආදායමක් උපයා ගත හැක.

  1. පොල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක ආදායමක් උපයා ගැනීම.

● වාර්ෂිකව පොල් පැළ ලක්ෂ 15ක් සිටුවනු ලැබේ. වසර 5ක වැඩසටහනක් හරහා අමතර නව පැළ මිලියන 20ක් සිටුවිය හැකිය. සෑම වසරකම අමතර පැළ මිලියන 4ක් සිටුවීමෙන් මෙය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේ.

● එහි ප්‍රතිඵලයක් ලෙස පොල් ගෙඩි බිලියන 1.2 ක අමතර අස්වැන්නක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව සැලසේ.

● එක පොල් ගෙඩියක් ආශ්‍රිත අපනයන භාණ්ඩයක් ඩොලර් ශත 0.50 ක අපනයන මිලකට අලෙවි කරන්නේ නම්. පොල් ගෙඩි බිලියන 1.2කින් අපට ඩොලර් මිලියන 600ක ආදායමක් උපයා ගත හැකි වේ.

  1. ඇමරිකානු ඩොලර් වලින් පොලී ඉපයීම සඳහා බාහිර ගෙවීම් ඇමරිකානු ඩොලර් වලින් තැන්පත් කළ හැකිය.

● ලාභාංශ ගෙවීම්, ගුවන් සහ මුහුදු ප්‍රවාහන ගාස්තු, සංචාරක, ඉදිකිරීම්, රක්ෂණ, විදුලි සංදේශ, අනිවාර්ය ගාස්තු (Royalty fee) සහ පරිගණක සේවා ගාස්තු වැනි බාහිර ගෙවීම් ඇමරිකානු ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ තැන්පතු කිරීම කළ හැක.

● මේවා ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ලද පොලී අනුපාතයක් සමඟ වසර 3 ක කාලයක් සඳහා තැන්පත් කළ හැක. උදාහරණයක් ලෙස, 6% පොලී අනුපාතයකට.
● මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300 තැන්පතු ලබා ගත හැක.

  1. නොරොච්චෝලේ සහ සාම්පූර්හි සූර්ය හෝ ගල් අඟුරු මඟින් බල ගැන්වෙන නව බලාගාර සඳහා පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ඉඩ සලසා දීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

● දැනට ගල් අඟුරු භාවිතයෙන් මෙගාවොට් 900ක බලශක්ති උත්පාදනය කිරීම සඳහා, වර්තමාන වෙළඳපල මිල අනුව මුළු ගල් අඟුරු සඳහා වැයවන පිරිවැය මසකට ඩොලර් මිලියන 50 කි. මේ අනුව, බලශක්ති උත්පාදනය සඳහා වාර්ෂික ගල් අඟුරු පරිභෝජනය ඩොලර් මිලියන 600 කි.

● මීට අමතරව, ඩීසල් සහ දැවි තෙල් භාවිතයෙන් දැනට මෙගාවොට් 900ක විදුලි උත්පාදනය සඳහා වත්මන් වෙළෙඳපොළ මිල අනුව මසකට ඩොලර් මිලියන 135ක් වැය වේ. මේ අනුව, ඉන්ධන සඳහා වාර්ෂික පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 1,620 කි

● බලශක්ති උත්පාදන පිරිවැය ඉතිරිකිරීම සඳහා වන විසඳුම් ලෙස පහත විකල්ප 2ක යෝජනා කෙරේ.

විකල්ප 1: සූර්ය විදුලි උත්පාදන බලාගාර

• දිවා කාලය සඳහා අවශ්‍ය මෙගාවොට් 900ක විදුලි පරිභෝජනය නිපදවීමට මෙගාවොට් 2000ක සූර්ය බලාගාර අවශ්‍ය වේ.

• දිවා කාලය සඳහා අවශ්‍ය මෙගාවොට් 900ක විදුලි පරිභෝජනය නිපදවීමට මෙගාවොට් 2000ක සූර්ය බලාගාර අවශ්‍ය වේ.
• එහි ප්‍රතිඵලයක් ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 800 ක වාර්ෂික ඉන්ධන පිරිවැයක් යොදා ගනිමින්, ඉන්ධන භාවිතයෙන් දිවා කාලයේ නිපදවන මෙගාවොට් 900ක විදුලිය නව සූර්ය බලාගාර මගින් ප්‍රතිස්ථාපනය කළ හැකිය.
• රාත්‍රී කාලයේ භාවිතා කිරීමට විදුලිය නිපදවීමට පමණක් තාප බලාගාර විදුලි උත්පාදනය රාත්‍රී කාලයේ පමණක් ක්‍රියාත්මක විය යුතුය
• මෙගාවොට් 2000ක නව සූර්ය බලශක්තිය නිපදවීම සඳහා වන බලාගාර ඉදිකිරීම් සඳහා ආයෝජනය කිරීමට පුද්ගලික අංශයට අවසර දිය යුතුය
.
විකල්ප 2: ගල් අඟුරු බලාගාර

● ඉන්ධන බලාගාර ගල් අඟුරු සමඟ ප්‍රතිස්ථාපනය කිරීමෙන් වාර්ෂික ඉන්ධන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 1,620 ක් වෙනුවට ඇමරිකානු ඩොලර් මිලියන 600 ක වාර්ෂික ගල් අඟුරු පිරිවැයක් සමඟ ප්‍රතිස්ථාපනය කිරීම මගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක ඉතිරියක් ලබා ගත හැකිය.

• නොරොච්චෝලේ (MW 300) සහ සාම්පූර් (MW 600) බලාගාර දෙක ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයේ සමාගම්වලට අවස්ථාව ලබා දිය යුතුය.

● වසරකට, පළමු විකල්පයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 සහ දෙවන විකප්ලයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉතිරි කර ගත හැක.

12) පාම් තෙල් වලින් ඩොලර් මිලියන 200 ක් ඉතිරි කර ගැනීම.

● ශ්‍රී ලංකාව තුළ පාම් තෙල් ගස් සිටුවීමේ තහනම ඉවත් කළහොත් දැනට මෙරටින් පිටවන ඩොලර් මිලියන 200ක ප්‍රමාණය ඉතිරි කර ගත හැක.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය

● ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර සහ ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 6ක හිඟයක් පවතී.

● යෝජිත ප්‍රධාන ක්‍රමෝපායන් 12 ක්‍රියාවට නැංවීම මඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 8 ක අතිරේක ආදායමක් උපයා ගත හැකිය.

● ඉහත ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා කර ඇති පරිදි අමතර මුදල් ගලා එන්නේ නම්, ගෙවුම් ශේෂයේ හිඟය අවම වන අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව (WB) වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IFIs) වෙතින් ජාත්‍යන්තර මූල්‍යකරණය විවෘත කිරීම පහසු වනු ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan