*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

අත්අඩංගුවේ සිටි පුද්ගලයකුගේ මරණය : පොලිසියේ 7ක් රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත් අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි, නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ සේවය කළ 41 හැවිරිදි නිලධාරියෙකි.

ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බවත්, එහිදී ඔහු කළහකාරී ලෙස හැසිරීම නිසා පාලනය කිරීමට යාමේදී තුවාල ලබා රෝහල්ගත කළ බවත්, එහිදී ඔහු මියගිය බවත් අදාළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පවසා තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මතුවූ විරෝධතා අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර එහිදී උපපොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan