*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

ගැහැණියක් සහ ගැහැණු රොත්තක්

සුරේඛා සමරසේන කියන්නෙ ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රය ඇතුළෙ කවුරුත් දන්න සම්මානනීය මාධයවේදිනියක්.එසේම ඇය මංත්‍රී වෙබ් අඩවියේ සම්බන්ධිකාරක ලෙස මහජන නියෝජතයන්ගේ පාර්ලිමේන්තු හැසිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ දී දැක් වූ සුවිශේෂිත්වයට දායක වෙමින් එම වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය බවට පත් කරන්නට ද දායක් වූ තැන්ත්තියක්.එසේම සාහිත්‍යමය කටයුතුවලදී මේ රටේ සාහිත්‍යය කේෂ්ත්‍රය ඇතුළෙ වෙනස්ම අනන්‍යතාවයක් සළකුණු කළ සාහිත්‍යවේදිනියක්.

ඇය මීට වසර ගණනකට පෙර රාජ්‍ය සේවයට සම්බන්ධ වුණාට පසුව,කිරිඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ද සාහිත්‍ය සම්බන්ධයෙන් සම්මානයක් දිනා දෙන්නට කටයුතු කරපු තැනත්තියක්.ඇය සංවර්ධන නිලධාරී තනතුරේ වැඩ කරන්නට ගාල්ල තක්සේරු දෙපාර්තමේන්තුවට පත් වී ආ පසු ඇයට නුහුරු වගකීමක් පැවරුව අවස්ථාවේ දී එය ප්‍රතික්ෂේප කරනු වෙනුවට මහජන සේවය සාර්ථකව සහ නිවැරදිව ඉටු කිරීම සඳහා තමන්ට පැවරුණු වෘත්තීමය වගකීම සම්බන්ධයෙන් ඇය පුහුණුවක් ඉල්ලා සිටිනවා.නමුත් ඒ සඳහා අවස්ථාවක් දෙන්නේ හෝ එම වගකීමෙන් ඇයව නිදහස් නොකිරීම නිසා ආයතනික වශයෙන් ඇති වූ අර්බූද නිසා ඇයට විශාල පීඩනයක් විඳින්නටත් සිඳු වෙනවා.

මේ තත්ත්වයට තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පවා නිවැරදි මැදිහත්වීමක් නොකර ඇයව රවට්ටන බව සුරේඛාට තේරෙන්නේ ඇයට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය තක්සේරු නිලධාරියෙක් සුහද මාරු වීමක් සඳහා අවස්ථාව දෙන බව කියා පසුව මේ වන විට ඇයට දඬුවම් මාරුවක් ලබා දෙමින් පීඩනය දැඬි කළ පසුවයි.රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවෙන් එම සුහද මාරුව ගැන කිසිඳු ලිපියක් ආයතනයෙන් තමන් වෙත යොමු කර නැති බව පැවසූ විට තමයි සුරේඛා මේ රැවටීමේ බරපතල තත්ත්වය තේරුම් ගන්නේ.එක්දරු මවක් වන සුරේඛා තමන්ව රවටමින් මේ එල්ල කරන පීඩනය ඉදිරියේ හිස නමන්නට අකමැතියි.ඇය ලංකාවේ බොහෝ තැන් හී සාමාජ ක්‍රියාකාරකම්වලට මැදිහත්ව වැඩ කරපු සහ විශේෂයෙන් කාන්තා සහ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරපු තැනත්තියක්.ඒ නිසා අසාධාරණයට සහ රැවටීමට එරෙහිව ඇය සත්‍යග්‍රහ්‍යක් කිරීමට තීරණය කරනවා.එසේ සත්‍යග්‍රහයට පිවිසෙන සුරේඛාව එම ස්ථානයේ හුදෙකලා කර කාර්යාල පරිශ්‍රය වසා යන්නට තරම් ගාල්ල තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සේ සේවය කරන නිලධාරිනිය මේ වන විට කටයුතු කර තිබෙනවා.කිසිඳු මූලික මිනිස් අවශ්‍යයතාවයක් සේ සෞඛ්‍යමය වශයෙන් බලපාන ක්‍රියාවකට හෝ ඉඩක් නැතුව සුරේඛා මේ වන විට එම කාර්යාල භූමියේ අඳුරේ හිර වී සිටින අතරේ කරන ලද සජීවී සමාජ ජාලා වීඩියෝවකුයි මේ සමඟ ඇත්තේ.

සුරේඛා රාජකාරිය හොඳින් කිරීම සඳහා ඉල්ලීම කරපු තැන සිට මේ තත්ත්වයට ඇයව පත්වන තුරුම දිගින් දිගටම ඇයට එල්ලවන පීඩනය ගැන නොසළකා සිටින්නේ කාන්තා නිලධාරිනියන් වීම ද විශේෂත්වයක්.කාන්තාවන්ගේ අයිතීන් සහ ස්වාධිනත්වය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කර ඇති කාන්තාවක් බවට රටේ ඉහළම දේශපාලන බලධාරීත්වය පවා දන්නා නමක් වන සුරේඛාව නොසළකා හරිමින් ඒ සියලු ගැහැණු මේ සටන්කාමීය නොසළකා හැරීම පිළිකුල දනවන්නක්.
අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් වෙන් කර තබන අඳුරු රාත්‍රියක් වෙනුවෙන් කටයුතු කිරීමේදී එම නිලධාරිනියන් සුරේඛාගේ ස්ත්‍රීත්වය නොව මාතෘත්වයද නොසළකා හැර තිබෙනවා.


https://web.facebook.com/sportsnis21/posts/pfbid02tF6iJGV8a6v6XaNgcEuBJNz4upt6aWFkeE6Ve1CA1MAJWRL5r2vraCNirpwtNxjml

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan