*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

දසුන් වීරයෙක් වෙන්න පුළුවන් සූරයෙක්

සූරත්වය සහ වීරත්වය අතර වෙනස පොඩි දුරක තියෙන්නෙ.හැබැයි ආකල්ප එක්ක මේක සාපේක්ෂයි.දශම ගණනක පරතරයක් මෙන්ම යොඳුන් ගණනක පරතරයක් වෙන්නත් පුළුවන්.ශ්‍රී ලංතාව ඉතිහාසයේ විස්සයි විස්ස තරගයක ලබපු අති විශිෂ්ඨ ජයග්‍රහණයකට ඊයේ පිවිසියේ වත්මන් ලෝක සූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබපු ජයග්‍රහණය සමඟයි.එහිදී අවසන් පන්දු ඕවර් තුන තුළ අති විශිෂ්ට ප්‍රහාරයක් දියක් කරමින් මිල කළ නොහැකි අර්ධ ශතකයක් (නොදැවී 54) ලබා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයේ වීරයා වුණා.

ඒ ඉණිම පෙන්නුම් කරේ දසුන්ගේ සූරත්වයයි.එහෙත් ඔහු තරගයේ වීරයා වූවාට වීරයෙක් ලෙස බැස යන්න ඇති ඉඩ හරියටම කියවා ගත යුතුයි.දසුන් නායකත්වයට පැමිණි දා සිටම ඔහුට යම් තරමක සමාන ක්‍රීඩාමය හැඩයක් ඇති චාමික කරුණාරත්න මදක් පසුපසට දැමීමක් සිඳුවන එක ක්‍රිකට් ජනමතය බවට පත් වී තිබෙනවා.ඒ බොහෝ අවස්ථාවල ඔහු තරගය තුළ භාවිතයට ගන්නා ආකාරය නිසයි.සමහර විට මේ තත්ත්වයට හේතුව කණ්ඩායම් කළමණාකාරීත්වයේ තීරණයක් වෙන්න පුළුවන් වුණත් දසුන්ට එය වෙනුවෙන් පෙනී සිට නිවැරදි වීමේ හැකියාව තිබෙනවා.මන්ද දසුන්ගේ සූරත්වය වීරත්වයට පෙරැලෙන එක් තීරණාත්මක හැරවුමක් වෙන්නට ඊට ඇති ඉඩ විශාලයි.

චාමිකට පන්දු යවන්නෙක් හැටියට මේ තරගාවලියේ දී වැඩි ඉඩක් ලැබුණේ නැහැ.ඒත් එහි අවශ්‍යයතාවයක් ඇති බව ඔහු අවසාන තරගයේදි තමන්ට ලැබුණු පන්දුවාර තුන තුදී ඔප්පු කරලා පෙන්නනවා.මේ තරගාවලියේදී තරග දිනවන්න පුළුවන් පිතිකරණයක් සහිත අයෙක් හැටියට තීරණාත්මක මොහොතවල සිය පිත්ත මෙහෙයවා තිබූ චාමික,පිතිකරණයේදී ත් වනිඳුට පහළට වැටෙනවා.ඒ නිසා පන්දු වැඩි ප්‍රමාණයකට මුහුණ දෙන්න චාමිකට හැඳෙන ඉඩ අඩුයි.ලකුණු 108 ක් ව තිබියදි ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී තරගයේ පන්දුවට පහර දෙන්න චාමික පටන් ගන්නෙ තරගයේ 16 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේ සිටයි.ඔහු පන්දු 10ට ලකුණු 14 ක් ලබා ගනිමින් දසුන්ට ප්‍රහාරයට අවශ්‍යය පාර කපා දෙන්නෙ චාමිකයි.ඒ නිසා පන්දු 26 දි ලකුණු 69 ක් දසුන්ට සහ චාමිකට එකතු කරන්නට ඉඩ ලැබෙනවා.එසේම දසුන් තුළ තිබුණ පීඩනය ඈත් කරන්නට චාමික හේතුවක් වෙනවා.චාමික පන්දු හතකදී ලකුණු නවයක් ලබා ගෙන සිටියදී දසුන් විසින් පටන්ගන්නා ෂෙල් වෙඩි පෙරහැරක් බඳු පහරදීම අරඹන්නේ. එවිට දසුන්ට තිබුණේ පන්දු 12 දි ලකුණු හයක් පමණයි.

තරගය ඇතුළත දසුන් කියන්නෙ මොන විදිහෙ ප්‍රහාරකයෙක් ද කියන කාරණය වගේම ඔහුට නායකයෙක් හැටියට ගන්න ඕනි තීරණ ගැන මඟ පෙන්වීමකුත් ලැබිලා තියෙනවා.තරගාවලියෙන් තරගාවලියට පන්දුවට පහර දීමේ රටාව සකස් කරගන්න හැටිත් මේ තරගාවලියෙදි හිතන්න වෙන්නෙ මේ තරගාවලියෙදි පිතිකරු අංක සටහනේ වූ වෙනස් විම කණ්ඩායමට සුබ විදිහට බලපාපු නැති නිසයි.කුසල් මෙණ්ඩිස් ආරම්භක පිතිකරුවා සේ යොදාගෙන කරපු සාර්ථක අත්හදා බැලීම මේ තරගාවලියෙදි ආයෙත් වෙනස් වෙලා තිබුණා.අයිපීඑල් තරගාවලිය පුරාවටමත් භානුක රාජපක්ෂ මුල් අංක තුනේ පිතිකරණයෙදී පෙන්නපු හැකියාව දැක දැකත් මේ කණ්ඩායමේ ඔහු පහතට හෙළා තිබුණා.
පරාජය වීමට ප්‍රතිවාදියාගේ ප්‍රබලකම මෙන්ම තමන්ට සකසා ගත හැකි දුර්වලකම් සකසා නොගැනීම වැඩියෙන් බලපානවා.අවසාන තරගයේදී ඔප්පු වූයේ ඒ තත්ත්වයයි.දසුන්ට සහ චාමිකට එක්ව ක්‍රීඩා කරන්න පන්දු 26 තිබියදී එකතු වෙන්න ලැබීමට හේතුව වුණේ ඒ වන විට කඩුලු හයක් බිඳ වැටීමයි.ඒ වැටීම නැඟීමක් බවට පත් කරගන්න දසුන්ට ඉඩ සැළසුණා.

තරගාවලිය 2-1 ලෙස පරාජයට පත්වීම කණගාටුදායකයි.ඒත් අවසාන තරගයේදී ලබපු ජයග්‍රහණය පැහැදිළි කළේ ශ්‍රී ලංකාවට තරග වෙනස් කර ජයග්‍රහණය කළ හැකි තත්ත්වයක් ඇති බව සහ එවැනි ක්‍රීඩකයින් සිටින බවයි.ශ්‍රී ලාංකිකයන්ද සම්බන්ධව සිටි ඉන්දීය ප්‍රිමියර් තරගාවලියට දසුන් ශානක වැන්නෙක් මිලදී නොගැනීම ගැන ඒ සියලු දෙනාටම ඊයේ ඔහුගේ ඉණිමෙන් ආත්ම කම්පාවක් ඇති වෙන්න ඇති.මේ ජයග්‍රාහි තරගයේ ධනාත්මක සළකුණු පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය තමයි ඉදිරියට වැදගත් වෙන්නේ.ආකෘතිමය වශයෙන් ඇති කරගත යුතු වෙනස්කම් මිස සංයුතිය ලෙස නැවත වෙනස් කිරීම් කර හෝ අත්හදා බැලීම් කිරීමට ලොකු අවශ්‍යයතාවයක් නොමැති බව පැහැදිළියි.වේග පන්දු යවන්නෙක් අවශ්‍යය වන මොහොතට මතීශ පතිරණ ගැන හිතීමට වැඩි ඉඩක් සකසා ගැනීමටත් ක්‍රීඩා පරිපාලනය සිහියට ගත යුතුයි.

සෑම ක්‍රිකට් ප්‍රේමියෙකුම දේශසිමාවන් බිඳ දසුන් ශානක වැළඳ ගන්නත්,ඒ ශක්තිමත් ප්‍රහාරයට අත්වැලක් වෙමින් රුකුල් දුන් චාමිකගේ දායකත්වය අගයන්නත් පැකිළෙන්නේ නැති බව සහතිකයි.ඕස්ට්‍රේලියානු නායක ඇරෝන් ෆින්ච් ඊයේ ඉණිම නිමා කර පිටියෙන් පිටතට එන දසුන් සහ චාමික පසුපස අත්පොළසන් දෙමින් පැහැදිළි කළේ ක්‍රීඩාවේ ජය පරාජය නොසළකා සුරක්ෂිත කළ යුතු මහත්මා බව මෙන්ම අපූර්වත්වය යනු කුමන හෝ සීමා දා අගය නොකර සිටිය හැකි තත්ත්වයක් නොවන බවයි.ඇත්තටම ඒ ජයග්‍රහණය පෙර නොවූ වීරූ තරමේ විජයග්‍රාහී අපූර්වත්වයක්.

ඉතිං අපූර්වත්වයේ නායකයා දසුන් ශානක!

ඒ ඉණිම තුළ තිබුණු සූරත්වය සහ වීරත්වය අතර ඇති දුර තවත් අවම කරගන්න.ඔබ ක්‍රිකට් ලෝකයට තරඟයේ වීරයෙක් නොවන සදාතනික වීරයෙක් වීමේ සළකුණු සහිත දුලබ ක්‍රීඩකයෙක් බව මෙනෙහි කරන්න.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan