*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පරාදයි තමයි ඒත් දිනන්න පුළුවන් – සිංගප්පූරු පරාජය ගැන පසුවදන

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සම්බන්ධ බලාපොරොත්තුවලට දැඩි පහරක් එල්ල කරමින් සිංගප්පූරුව ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ මූලික වටයේ තරගයේ දී ලකුණු 51 – 29 ක ජයක් ලබන්නට සමත් වූවාය.තරගය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙර තරගවලදී දැක් වූ ක්‍රීඩා රටාවේම රැඳෙමින් දිගු පන්දු හුවමාරුවලින් කණ්ඩායමේ සාමාන්‍ය උසේ ඇති වාසිය ලබා ගන්නට වෑයම් කළේය.එය අසාර්ථක වන තැන වෙනත් රිද්මයකට පිවිසීමට ශ්‍රී ලංකාව කාර්තු හතර නිමාවන තෙක්ම අපොහොසත් වූවාය.


මේ තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව සූදානම්ක සහිතව තරගයට පිවිස තිබුණ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ තරග වටයෙන් වටයට සිය ග්‍රහණය දැඩ් කළහ.ප්‍රථම වටයේ ලකුණු 8 – 11 ත් ලෙස පසුපසට වැටුණු හ්‍රී ලංකාව දෙවන වටයේදී දැඩි සේ ග්‍රහණයට ගත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ එම වටයේදී ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු පහක් පමණි.ඒ ලකුණු 5 ලබා දෙන අතර ඔවුහු ලකුණු 10 රැස් කළහ.ඒ අනුව දෙවන වටය අවසානයේ ලකුණු තත්ත්වය 21 – 13 ක් විය.
තරගයේ තෙවන කාර්තුවේදී ලකුණු 9 ක් ලබා ගත්තද පළමු සහ දෙවන වටවලදී තිබුණ ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලය මදක් බාල කර ගනිමින් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ලකුණු 15 ක් රැස් කළහ.අවසාන වටයේදී ඒ තත්ත්වය තවත් දරුණු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුළ දැඩිව මතු වෙමින් තිබූ අනවශ්‍යය කලබලය ද නිසා තරගය හමාර වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 51 විය.ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ ලකුණු 22 ක් පමණි.


සෑම වටයකම පාහේ ශ්‍රී ලංකාවේ දැල ආක්‍රමණය දක්වා ගමන් කළ පන්දු අතර මඟදී බිඳ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.නමුත් එය නැවත ආපසු හරවා භාර දීමේදී සිදු වූ අත් වැරදි නිසා නැවත නැවත පන්දුව ශ්‍රී ලංකා දැලෙන් ලකුණු ලබා ගන්නට පැමිණීම නොවැළක්විය හැකි දෙයක් විය.
මේ තත්ත්වය අවබෝධ කර ගන්නට හොඳම උදාහරණය සමස්ත තරගයේදී ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුව සිංගප්පුරු දැල ආක්‍රමණය කිරීම සඳහා ලැබී ඇත්තේ 37 වතාවක් පමණි.නමුත් අතර මැද දි පන්දුව කඩා ගැනීම තරමටම ආපසු ඔවුන්ට ලබා දීමද සිඳු වීම නිසා අවස්ථා 62 දී සිංගප්පූරු කණ්ඩායමට ශ්‍රී ලංකා දැල අසළට එන්නට ලැබිණ.එය ආරක්ෂාවේ දුර්වලකමක් නිසා නොවේය.අඛණ්ඩව පන්දුව හුවමාරුවේදී සිඳු වූ වැරදි හේතුවෙන්ය.


විශේෂයෙන් අවසාන වටයේ දී තරගය ආපස්සට හැරවීමට නොහැකි තරම් දුර තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හැසිරුණේ ඉතා දුරට පන්දුව මාරු කරන්නට උත්සාහ කර ප්‍රතිවාදීන් අතට පන්දුව යන ආකාරයට ක්‍රියා කිරීමය.එම මොහොතේ ඔවුන් කල්පනා කළ යුතුව තිබුණේ ආපසු හරවන්නට නොහැකි තත්ත්වය වැඩි වී ඇති ලකුණු මට්ටමේ පරතරය අවම පරාජය කර පරාජයේ ගෞරවය විශාල කර ගන්න සිතීමය.නමුත් එකම දේ සිඳු වෙමින් එකම ප්‍රතිපලය එකතු වෙමින් අවසානයේ ශ්‍රී ලංකාව අවසාන පුර්ව වටයේ තවත් අභියෝගාත්මක තරගයකදී මැලේසියාව හා ගැටෙන්නට මාවත සකසා ගත්තේය.දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තරග මානසිකත්වයේ දි හැසිරෙන ආකාරය ගැන ප්‍රගුණ කළ යුතුය.එසේම අනෙකාගේ රිද්මය අවබෝධ කර ගැනීම ගැන මෙන්ම තමන්ගේ රිද්මය අනෙකාගේ රිද්මයට වෙනස් තැනක පිහිටා තරගය ක්‍රියාත්මක කරන ආකාරය ගැන ද කල්පනා කළ යුතුය.


ශක්තිය,වේගය සහිත හැකියාව හා සසැදීමේදී විශාල වෙනසක් හෝ අඩුවක් නැති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයක් ඇතුළත ක්‍රියාත්මක වන ආකාරය ගැන ඇති අවබෝධයේ අඩුවක් සහිතව මේ තරගයෙන් ලද පරාජය ඉක්මණින් පාඩමට ගෙන නැවත ජයග්‍රහණයේ බලාපොරොත්තු අතරට ඒමට බැරි නැත.හැකිබව සිතීමත්,නොපිරිහෙලා ජයගහණය වෙනුවෙන් වෙහෙසීමත් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ගේ අතින් නොපිරිහෙළා ඉටු විය යුතුය.පීඩකනය වෙනුවට සැහැල්ලුවෙන් අනෙකා මත පීඩනය ගොඩ නැඟීමට අවශ්‍යය රංගනය ද ඉදිරි ගමණට වැදගත් වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan