*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

කෘතිම බුද්ධියෙන් වැඩකිඩ දාන බීට්ල්ස්ලාගේ අලුත්ම ගීතය!

කවුද මේ “Beatles” කියන්නේ? අපි මෙහෙම මූලාරම්භය ගමු.

ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන මේ දක්ෂ කොලු ගැටයන්ගෙන් සමන්විත වූ 1960 දී ලිවර්පූල් හි පිහිටුවන ලද රොක් සංගීත කණ්ඩායමක් ලෙස මෙව් බීට්ල්ස්ලා හඳුන්වන්න පුලුවන්! ඔවුන් එවකට සිටි බලගතු සංගීත කණ්ඩායමක් කීවොත් මා නිවැරදිය. skiffle, beat සහ 1950 rock ‘n’ roll මුල් බැසගත්, ඔවුන්ගේ සම්භාව්‍ය සංගීතයේ සාම්ප්‍රදායික පොප් යන අංග නව්‍ය ආකාරයෙන් ඇතුළත් කරමින් ඔවුන් සංගීතයට අලුත් රසයක් එක්කල සංගීත කණ්ඩායමක්! එපමණක් නොව ඉන්දියානු සංගීතයේ සිට මනෝවිද්‍යාත්මක භාවයන් ඔස්සේද සංගීත ශෛලීන් ගවේෂණය කිරීමට ඔවුන් උත්සුක වූ අයවලුන් ය. ගීත නිර්මාණය, ගීත රචනය සහ කලාත්මකව ඉදිරිපත් කිරීමෙහි පුරෝගාමීන් ලෙස, “බීට්ල්ස්” සංගීත ක්ෂේත්‍රයේ බොහෝ අංශයන්හි විප්ලවීය වෙනසක් ඇති කිරීමට ද සමත් විය.

පැරණි ආදර්ශනයකින් ජෝන් ලෙනන් ගේ කටහඬ කෙරෙහි තාක්‍ෂණය භාවිතා කරමින් ඔහුට ගීතය සම්පූර්ණ කළ හැකි වීම සම්බන්ධයෙන් බීබීසී රේඩියෝ 4 හි Today වැඩසටහනට එක්ව Paul McCartney මේ පිළිබඳ අදහස් දැක්වීය.

“අපි එය අවසන් කර එය මේ වසරේ නිකුත් කරනු ඇතැයි” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
Paul McCartney ගීතය නම් නොකළ නමුත් එය 1978 දී ලෙනන් රචනා කළ Now And Then නම් වූවක් විය හැකි බවට අදහස් විය.

මෙය Paul ට වසරකට පෙර ලෙනන්ගේ වැන්දඹුව වන යෝකෝ ඔනෝ වෙතින් ලැබුණු 1980 දී ලෙනන් ඔහුගේ මරණයට ටික කලකට පෙර සාදන ලද “ෆෝ පෝල්” ලෙස නම් කරන ලද කැසට් පටයේ ගීත කිහිපයෙන් එකකි.

නිෂ්පාදක Jeff Lynne විසින් අලුත් පණක් දුන් Free As A Bird සහ Real Love යන ගීත සම්පූර්ණ කර 1995 සහ 1996 දී නිකුත් කරන ලද අතර, වසර 25 කට පසු බීට්ල්ස්ල මෙලෙස නව පිම්මක් තබා ඇත.
ලෙනන්ගේ පසුකාලීන වෘත්තීය ජීවිතයට තරමක් සමාන වූ Now And Then පටිගත කිරීමට ද සංගීත කණ්ඩායම උත්සාහ කළ නමුත් එය ෆේල් වුණි.
මේ අතර ඔවුනොවුන් අතර ඇතිවුනු බහින්බස්වීම් ද ඔවුන් සඳහන් කළහ.

ඔවුන් ජෝන් ලෙනන්ගේ කටහඬ කෘතීම බුද්ධිය මඟින් වෙන්කර ගැනීමට සමත් විය. තාක්ෂණයයි සංගීතයයි එකතු වෙමින් මේ ගලන නිර්මාණය කෙසේ වේද! අපි බලමු!

බීට්ල්ස් කණ්ඩායම ගෝලීය කීර්තියට පත් සමයෙහි 1963 දෙසැම්බර් සිට 1964 පෙබරවාරි දක්වා කාලය තුළ ශ්‍රීමත් පෝල් විසින් ඔහුගේම කැමරාවෙන් ගන්නා ලද ඡායාරූප ද මෙම නිරමාණයෙහි ඇතුළත් වේ.

මේ නිර්මාණය බීට්ල්ස් ලාට අලුත් පණක් වනවා නොඅනුමානය.

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan