අදානිත් ආවෙ නැතිනම් මෙහෙ ආයෝජනය කරන්නෙ කවුද ?

Date:

වැඩ නොකර, රජයෙ රස්සා කරලා, කාල බීල ජොලියෙ ඉඳීම සඳහා කිසිම රටක් අපට ණය/ ආධාර දෙන්නෙ නැහැ. එහෙම ණය ගන්න පුළුවන් විශ්වකර්මයෙකුත් නැහැ.

ජාත්‍යන්තර ආධාර අපට ආවෙ ඉන්දියාව හරහා. ඉන්දියාවටත් තමන්ගෙ රටේ ජනතාවගෙ ප්‍රශ්න තියෙනවා. ලංකාවට අඛණ්ඩව පිනට දෙන්න විදියක් නැහැ. ඒ සල්ලි ඒ රටේ කම්කරුවො, ව්‍යවසායකයො මහන්සි වෙලා, වැඩකරලා උපයපු සල්ලි.

ඉන්දියාව ලංකාවට අදානිව යොමුකරල තියෙන්නෙ ලංකාව ගොඩදාන වැඩසටහනේ කොටසක් විදියට. නැතිනම්, අදානිට ඔය මන්නාරමේ සුළං බල ව්‍යාපෘතිය ධම්මික පෙරේරා අගලවත්තෙ සිල්ලර කඩයක් දාන්න ආයෝජනය කරනව වගේ වැඩක්.

ලංකාවෙ මෝඩ නිලධාරීනුයි, ජනතාවයි දන්න දේශපාලනයක් නැහැ. අර ෆර්ඩිනැන්ඩො කියන විදුලිබල මණ්ඩලේ සභාපති බුවා සිනාසිසී ඇරියෙ මෝදිටවත්, අදානිටවත්, ගෝටටවත් නෙමෙයි, ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ අනාගතය රඳාපවතින ප්‍රධාන කුලුනක් වන ඍජු විදේශ ආයෝජනවලට.

ගෝඨාභය රාජපක්ෂ මීට කලිනුත් නැගෙනහිර ජැටිය අදානිට දෙන ව්‍යාපෘතිය අල කරලායි ඉන්නෙ.

දැන් ලංකාදීප පත්තරේ පළවුණ පහත දැක්වෙන ප්‍රවෘත්තිය කියවන්න:

“ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

“තමන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව අදානි සමූහ ව්‍යාපාරය පවසයි.

“ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ වගකිව යුතු ප්‍රධාන සමාගමක් ලෙස තමන් විශ්වාස කරන බව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.එම අරමුණින් භාරගත් මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා සහ විවේචන එල්ල වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.”

ඔහොමම කරගෙන යමු ජනතාවනි …..

  • අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...